IMG-LOGO

තුර්කි යානයක් කටුනායකදී අනතුරක

( ටී.කේ.ජී.කපිල)

ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට පත් වී තිබේ .

මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 - 300 එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි .

මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව " වික්ටෝරියා සීක්‍රට් ස්ටෝර්ස් " නිෂ්පාදිත , මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන , මෙම  ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබුණි .

ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්වය නිසා , මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා , අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව , එම බහාලුම ගුවන් යානය දෙසට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ .

එනිසා මෙම ගුවන් යානය මෙසේ අනතුරෙන් හානියට පත් වූ ඇංජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නොමැත .



අදහස් (7)

තුර්කි යානයක් කටුනායකදී අනතුරක

Bunny Preena Tuesday, 05 July 2022 08:55 AM

නොසැලකිලිමත් ලෙස සිය සේවාව කළ සියලු දෙනාටම දැඩි දඬුවම් දිය යුතුයි. ආයෙත් මෙවැනි දේවල් සිදු නොවන්න නම්...

:       0       0

Sandaruwan Perera Tuesday, 05 July 2022 09:11 AM

දැන් ඒකටත් ගෙවපන්කෝ අලාබ...

:       0       27

Prabath Tuesday, 05 July 2022 09:26 AM

මේව ඔක්කොම හිතා මතා කරන වැඩ ජෙප්පො සහ පෙරෙට්ටො ගෙ. දැන් හුගක් ආයතන වල ලොක්කො ඉන්නෙ ජයවර්ධනපුර අවුට් වුන ජෙප්පොයි පෙරෙට්ටොයි. ඔවුන් යටින් ගෙම දෙනව. තියන කුමන අන්ඩුවක් වුනත් මෙව බාගන්න ඔනෙ. කොහොමටත් ඔවුන් 87-88-89 ගමෙ එකට තමයි යන්න ලැහැස්ත්තිය. ආයෙත් අපරාදෙ යුනිවසිටි කොල්ලො කෙල්ලො ටිකකුයි ගමෙ අහින්සක කොල්ලො කෙල්ලො ටිකකුයි නැතිවෙන එක තමයි වෙන්නෙ මෙදාපාර මහා පරිමානයෙන්.

:       24       7

Lalith M Tuesday, 05 July 2022 08:19 PM

ගුවන්තොටුපල සේවකයෝ ජෙප්පොද. නැතිව නොසැලකිල්ල නිසා සිදුකල අනතුරක් ජවිපය පිටට දාන්න දඟලන පිස්සුවද?

:       0       0

jagath Tuesday, 05 July 2022 10:07 AM

තුර්කි නෙමේ බන් දැන එක තුර්කියේ.....

:       0       8

jayarathna Tuesday, 05 July 2022 10:53 AM

මෙවැනි ස්ථානයක සුළු වැරැද්දක්වත් සිදුවීම සුළුවෙන් තකන්න බෑ.

:       0       0

fairoos Tuesday, 05 July 2022 12:15 PM

ඉක්මන් කරලා හදලා එවන්න. නැතිනම් ඒ රටත් තරහා කරගන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 353 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site