
(සුමිත් පොතුපිටිය)
කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර කටුකුරුන්ද සනස මාවතේ පදිංචිව සිටී බත්තරමුල්ල ගමගේ අමිත් ප්‍රියදර්ශන නමැති 36 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.
පුද්ගලයෙකු නිවසක් තුල අභිරහස් අන්දමින් මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකිරීමේදී නිවසේ සාලයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර හමුව තිබේ.
ඝාතනයට ලක්ව ඇති තැනැත්තාගේ පපුවේ සහ උදර ප්‍රදේශයේ ගැඹුරු තුවල පහරවල් දක්නට ලැබුන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය.
ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.
කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවද පොලිසිය පවසයි .
පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා
m. saman perera Saturday, 21 December 2024 11:58 AM
මිනිස්සු හරි දරුණු විදිහට තිරිසන් වෙලා මිනීමරණ හැටි....