IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තානාපති සේවක සිරුර ගොඩ ගනී

රුසියා තානාපති කාර්යාලයයේ සේවය කරමින් සිටිය දී මිය 2014 ජුනි 11 වැනි දා අභිරහස් ලෙස මිය ගිය නොයෙල් රණවීර (34) ගේ සිරුර අත්තනගල්ල වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේ දී අද ගොඩ ගත්තේය.

අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් එස් අභයගුණවර්ධන මහතා ඉදිරියේ, රාගම විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳුන් විජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් එය ගොඩ ගැනිනි.

සිරුර රාගම රෝහල වෙත ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වඩ බලන මහේස්ත්‍රාත් නියෝග කළේය.

ගොඩ ගන්නා විට සිරුර ඒ ආකාරයෙන්ම තිබෙනු දක්නට ලැබිණි. මියගිය පුද්ගලයාගේ සහෝදරිය මිනිය ගොඩ ගනිද්දී විලාප තබමින් හැඩුවාය. රණවීර මහතාගේ මව වන ජොසපින් නෝනා මහත්මිය දරා ගත නොහැකි ශෝකය නිසා දේහය දැක බලා ගැනීමට නොපැමිණ ඈතින් සිටිනු දක්නට ලැබිණි.

රුසියානු තානාපති කාර්යාලයයේ සේවය කරමින් සිටිය දී 2014 ජුනි 11 වැනි දා දකුණු රුසියාවේ ‘රොස්ටම් මෙන් ඩොන්‘ නගරයේ දී නොයෙල් රණවීර (34) අභිරහස් ලෙස මිය ගොස් තිබිණි.

එවකට තානාපතිවරයා ලෙස සිටි උදයංග වීරතුංග මහතා නොයෙල් රණවීරගේ සිරුරද රැගෙන මරෙටට පැමිණ සිරුර භූමදානය කර තෙක්මිය ගිය අයගේ නිවසේ රැඳී සිටි අතර ඒ සමග මරණය සම්බන්ධයෙන් ඥාතීන්ට සැකයක් ඇති විය.

DSC_0089 DSC_0101(1) DSC_0106 DSC_0107



අදහස් (0)

තානාපති සේවක සිරුර ගොඩ ගනී

එන්ජි Thursday, 02 April 2015 04:43 PM

වීරතුංග කියන කෙනා තානාපති කම ඇරෙන්න ගොඩක් දේවල් කරා රුසියාවට වෙලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site