(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යාංශ හෝ රාජ්‍ය අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නොව ,රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ .
එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලම ඔවුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට යෝජනා වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
රජය මගින් විශේෂ ව්‍යාපෘති ගණනාවක් රටපුරා මේ වන විට ආරම්භ කර ඇති අතර ,ඒවා අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම වඩාත් ප්‍රායෝගික බව රජයේ අදහස වී ඇතැයි ද පැවසේ .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් ඉකුත්දා කණ්ඩායම් තුනක් වශයෙන් හමු වූ අතර ,එහිදී ද ජනාධිපතිවරයා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ .
ඒ අනුව මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම අද හෙටම සිදුවනු ඇතැයි ඇතැයි ද පැවසේ .
COMMENTS
එහෙම අධීක්ෂණ මන්ත්‍රීලා පත් කරන්න තරමට රටේ මොනවද වෙන්නේ? රටේ සම්පත් ටික විදේශ රටවලට විකුණන්න එක අධීක්ෂණ කරන්නද? ගොවීන්ට පොහොර නැහැ. ආණ්ඩුවේ නොහැකියාව වහන්න කොවිඩ් නීතියක් ක්‍රියාත්මක කරනවා.
මේ අයගේ රාජකාරියේ කොටසක් තමයි ව්‍යාපෘති අධීක්ෂණය කිරීම... රටේ නායකයා ඒකවත් දන්නේ නැද්ද?
එක් එක් ආයතනයෙන් සූරාකෑමකට හැකි ප්‍රමාණය නිරීක්‍ෂණය කිරීමට වෙන්න ඇති...
ක්‍රමය හොඳයි... හරියට අවංකව සමගියෙන් රටට සේවයක් කළොත්...
ජනාධිපතිතුමනි, කරුණාකරලා මේ අධ්‍යාපනය වෙන කාට හරි දෙන්න. ගත්තු දවසේ ඉඳලා අවුල්... සත පහක වැඩක් නැහැ. පොළවේ පය ගහපු කෙනෙකුට එය බාර දෙන්න. ඊළඟට ඔබතුමා ඇතුළු ආණ්ඩුවේ පරාජයට හේතුවන අංක එක අධ්‍යාපනය බාර කෙනා... ගුරු ගැටළුවේදීත් ඇමතිත් එකයි, ලේකම්නුත් එකයි.. ඇවිලෙන ගින්නට පිදුරු දමනවා. ගුරුවරුන්ගේත්, ළමයින්ගේත් වටිනාතමක් තේරෙන කෙනෙක් එම තනතුරු දෙකට දාන්න.
යහපාලනය වගේම තමයි... කොපි... පේස්ට්..
දැන් සැපද? පරණ සෙල්ලම මෙයාලත් කරනවා. කෝ ඒ කාලේ ආණ්ඩුව ගේන්න කඩේගිය බුද්ධිමතුන්.., වියතුන්, මහා සංඝරත්නය?
අධීක්ෂණ මන්ත්‍රීකම් මොකටද ඔය ලංකාවේ ආහාරයට ගන්නා ද්‍රව්‍ය, වෙනවෙන නම් ආදිය තියෙන්නේ ඒවාට අදාලව ඇමතිකම් දීලා දාන්නකෝ... වැටුප් දීමනාවලට ගෙවල්වලින් සල්ලි ගේනවයැ.. අපි බදු ගෙවන්නම්..!!!