IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තනතුරු බෙදීමක් නෑ- තරගෙට සූදානම්

පක්ෂ නායකත්වය හා විපක්ෂනායක පදවිය බෙදා ගැනීමේ කිසිම අදහසක් නැතැයිද නායකත්වයට තරඟ කිරීමට ගත් තීරණය වෙනස් නොවන්නේයැයිද  එක්සත්  ජාතික පක්ෂ නායක රනිල්  වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ මන්තී‍්‍රන් පිරිසක්  සමග අද ප‍්‍රකාශ කෙළේය. ලබන ඉරිදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමා නායකත්වයට පත්වෙන බවත් පක්ෂයේ සියලූ අර්බුද එයින් නිමවන බවත් කී ඔහු තනතුරු බෙදා ගැනීමට දැන් යෝජනා කරනුයේ තමා ජයගන්නා බව හොඳින්ම දන්නා නිසා බවත්  දැන් එවැනි සාකච්ඡුාවකට සූදානම් නැති බවත් අවධාරණය කෙළේය.



අදහස් (0)

තනතුරු බෙදීමක් නෑ- තරගෙට සූදානම්

කුසල් Thursday, 15 December 2011 09:55 PM

තරගෙන් පරදින කෙනා මොකද වෙන්නේ? දේශපාලනයෙන් සමු ගන්නවද?

:       0       0

කුමුදු වාස් ගුණසේකර Thursday, 15 December 2011 10:11 PM

නායකත්වයට මොන තරගද?

:       0       0

චාරු Thursday, 15 December 2011 10:32 PM

වසර 17කට වැඩි කාලයක් දැන් අප විපක්ෂයට වී සීටින්නෙමු. කෘත්‍යාධීකාරී මණ්ඩලයේ ඔබතුමාට සහයෝගය දෙන පිරිසට මේ අසරණ පාක්ෂිකයන් විදින දහ දුක ගැන කණගාටුවක් නැද්ද? ආණ්ඩුව සමඟ ක්‍රිකට් ගැසීම පමණද අද කණ්ඩායමට කරන්නට ඉතිරිව ඇත්තේ. කරු ජයසූරිය මැතිතුමා නිතර පක්ෂයේ දුකට පත් ජනතාව වෙනුවෙන් ඇප කැප වී, ඔවුන්ගේ දුක සැප නිරතුරු සොයා බැලීමට වෙර දරයි. රනිල් මැතිදුනි, ඔබතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ දැන්වත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සැදීමට කරු ජයසූරිය මැතිතුමාට නායකත්වය භාර දෙන ලෙසය. අපි වසර 17කට අධික කාලයක් විදි අන්ත අසරණ කාලය නිම කරන්නට දැන් කාලය එළඹ ඇත.

:       0       0

එච් ඩී සී පුෂ්පකුමාර Thursday, 15 December 2011 11:04 PM

මොනව කිව්වත් අදහස එකයි.

:       0       0

සනත් Friday, 16 December 2011 01:59 AM

ඕකෙ වෙනස් කරන්න දෙයක් නැහැ.යුද්ධය දිනනවට මේ අයට බොහොම හිතේ අමාරුව තිබුන.රට ගැන හැගීමක් ඇතිකරගන්න බැරි විපක්ෂයේ, කවුරු නායකය වුනත් රටට වැඩක් නැහැ.

:       0       0

sahehar Friday, 16 December 2011 04:37 AM

රනිල් මහත්මයාට අපෙන් පුභපැතුම් !!!

:       0       0

පබා Friday, 16 December 2011 06:52 AM

බල ලෝභය...

:       0       0

උදාන Friday, 16 December 2011 08:59 AM

නායක තුමනි ඔබේ තීරනය නිවැරදි.අපි ඔබ සමගයි.මේ අය මුල සිටම කීවේ චන්දයකට එන බවයි.මොවුන් සමග දැන් සාමයක් නැත.ඡන්දයක් පවත්වා ඔබ යළි නායකයා වන්න.බුද්ධිමත් නියෝජිතයින් ඔබට සහාය දෙනු ඇත.

:       0       0

ජොන්සන් Friday, 16 December 2011 09:03 AM

තාම දෙපැත්තට....

:       0       0

නිවන්ත Friday, 16 December 2011 09:04 AM

අන්න එහෙම තමයි කෙළින් ඉන්න ඕන.

:       0       0

අමල් Friday, 16 December 2011 09:23 AM

සාමාන්‍ය ජනතාවටය ආදරේ මොන දේශපාලනඥයද?

:       0       0

හේවානම්බු Friday, 16 December 2011 09:45 AM

කරු ජයසුරිය මැතිතුමණි ඔබ සමග ගිය 17 දෙනා ඒක්ක එන්න. සියලු දෙනා එකතු වී වැඩ කරමු. පක්ෂය දිනවමු!!!!!

:       0       0

පුරවැසියා Friday, 16 December 2011 09:46 AM

අන්න හරි නායකතුමනි, ඔය විදියට එඩිතරව ඉන්න. ජනතාව ඔබවටා නිරායාසයෙන්ම පෙළගැසෙනු ඇති.

:       0       0

අජිත් සමන්ත Friday, 16 December 2011 12:52 PM

දැන් විවේක සුවයෙන් ඉන්න ඕන කාලයයි.

:       0       0

අරුණ Friday, 16 December 2011 01:02 PM

කරු මැදිදුනි ඔබ දිනනවට අප කැමතියි.

:       0       0

දිල්ශාන් Friday, 16 December 2011 01:24 PM

ගම්පහ දිස්ත්‍රික්කෙන් තුන් වෙනි ස්ථානය ගත්ත ඔබ නායකත්වයට?

:       0       0

සමන් Friday, 16 December 2011 03:29 PM

අන්න හරි නායකතුමනි, ඔය විදියට එඩිතරව ඉන්න. ජනතාව ඔබවටා නිරායාසයෙන්ම පෙළගැසෙනු ඇති.

:       0       0

චන්ද්‍රා Friday, 16 December 2011 03:45 PM

කුසල්ගෙ ප්‍රශ්නෙත් හරි, දෙන්නම අයින් වුණොත් පක්ෂයේ නමවත් රැකෙයි

:       0       0

මෝගන් Friday, 16 December 2011 04:04 PM

රනිල්ට දිනන්න පුළුවන් කෘත්‍යාධිකාරී ඡන්දෙන් විතරයි නේ. හැබැයි මේ සැරේ නම් පරාද වෙයි වගේ.

:       0       0

මද්දුම Friday, 16 December 2011 04:17 PM

අලිය මලත් බඩ සුද්දයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site