
ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය පවසයි.
සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය මෙසේ පවසා මීට සති කීපයක පටන්ය. එම තර්ජන සැලකිල්ලට ගනිමින්, ට්‍රම්ප්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට ද සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශය පියවර ගෙන ඇත. ට්‍රම්ප් පසුගිය දා වෙඩි ප්‍රහාරකට ලක් වී නූලෙන් බේරුණේ එසේ ආරක්ෂාව තරකර තිබියදීය.
කෙසේ නමුත් පසුගිය දා පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් ප්‍රාන්තයේ, මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයට, ඉරානයේ කිසිදු සම්බන්ධයක් ඇතැයි අනාවරණය වී නැති බව ද සීක්‍රට් සර්විස් තහවුරු කර ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
ඔච්චර තර කොරලා තියෙද්දිත් වෙඩි තිබ්බනං ඔය සීක්‍රට් සර්විස් එකේ උන්ගෙන් වැඩක් ඇතැයි? උන් ටික අයින් කරලා ඇඟේ පතේ හැටියට වෙන ජොබ් දීපල්ලා. උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු.
අපේ විපක්ෂ නායකතුමාට මරණ තර්ජන තියෙන්නෙත් ඉරානයෙන් ද දන්නේ නැහැ, එතුමාගේ ආරක්ෂාවට ඇමරිකාවේ සීක්‍රට් සර්විස් එකේ සහය ලබා ගන්න ආණ්ඩූව වහා වහා මැදිහත් විය යුතුය. එහි ගාස්තු ගෙවීමට ෆොන්සේකා මහතා කියන මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් එනවා සත්තයි.