(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මොහු බොරැල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන පිරිමි පුද්ගලයකු බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මේ පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිතයාගේ ළඟම ආශ්‍රිතයෝ 20 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබ සිටිති .
වැල්ලම්පිටිය කොටුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතාගේ මූලිකත්වයෙන් ජෛව පටල සාම්පල ලබා ගැනීම සිදු කෙරිණ .
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයයෝ දස දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙර සොයා ගනු ලැබූහ .
COMMENTS
ඇඟලුම් ආයතනයක සේවය කළා නම් ආයේ කියලා වැඩක් නෑ. තව 100 කටවත් බෝවෙලා ඇති. අනේ මන්දා මේ ආර්ථිකය...?
තාම එකා, දෙන්නනේ... ඩෙල්ටාකාරයින් හමුවන්නේ. ඊට වඩා ආර්ථිකේ ලොකු නැද්ද? ඩෙල්ටා ටොෆි බෝතලේ තියෙන ඩෙල්ටා ටොෆි වගේ තොග පිටින් ඩෙල්ටා රෝගීන් හමුවෙනකොට බලමු. එතෙක් ඔහොම යං...
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර වැඩක්