IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තරුණ මවට - කුඩා දියණියට වදුරු උණ

(රංජන් කස්තුරි, යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)

මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුන තරුණ මවක සහ කුඩා දියණියක හමු වූ බව කොළඹ වසන්ගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.

25 හැවිරිදි කාන්තාවක සහ ඇගේ දින ගණනාවක් වයසැති බිළිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරුකරගත් අතර ඔවුන්  අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන් කළේය.

මොවුන් දෙදෙනාම විදේශ රටක සිට මෑතකදී ලංකාවට පැමිණි අයවළුන් බව ද ඔවුන් උණරෝගයට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ රෝහලකට පැමිණි පසුව වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත්තේ යැයි ද වෛද්‍ය ගිණිගේ මහතා කීවේය.

මෙම රෝගීන්ගේ නිවෙසේ තවත් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු වාසය කරන අතර ඔවුන් ද නිරෝධායනයට යොමු කර ඇතැයි ද හෙතෙම පැවැසීය. 

වඳුරු උණ රෝගය වැළඳුන රෝගීන්ගේ තත්වය අයහපත් නොවන අතර ඔවුන්ගෙන් රෝගය බෝවීම හෝ පැතිරයාම වැළැක්වීමට ගතහැකි සියලු පියවර ගෙන ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

තරුණ මවට - කුඩා දියණියට වදුරු උණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site