
(අංජුල මහික වීරරත්න)
ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2024-08-01 සිට 2024-12-31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා ඇත.
ඒ අනුව ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාල කාලය තුළ ඩිසල් බැරල් 280,000+/-5% ක් බැගින් වූ නැව් තොග 4 ක් සපයා ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව M/s Zhongxi Energy Development (Ningbo) Co. Ltd., China වෙත පිරිනැමීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.

COMMENTS
ඔය සැපයුම්කකරුවන්ගේඅග මුල සොයාගෙන ගියාම ජරාපක්ෂලා ඉන්නවාද කියලා බලන්න
මෙව්වගෙන් ගන්න කොමිස් වලින් ජීවිත කාලෙම පිටරට සුරසැප විඳින්න ලැබෙයි කියලා හිතුවට මේ රටවලට ආපුවාම තේරෙයි