(නිමල කොඩිතුවක්කු)
ඩීසල් නොමැතිවීමෙන් අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද(7) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් මේ වනවිට ධාවනය වන්නේ පන්සීයකටත් අඩු ප්‍රමාණයක් බවද ඔහු පැවසීය.
බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිලිඟත හැකි කිසිදු වැඩපිළිවලක් ඛනිජතෙල් සංස්ථාව සිදුකර නැතැයිද මංජුල මහතා කීවේය.
බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිළිගත හැකි වැඩපිලිවලක් ඉදිරිපත් නොකරන්නේනම් බහාලුම් ප්‍රවාහන රථ සියල්ල ධාවනය ඇන හිටින තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු පැවසීය.
ආනයන සහ අපනයන භාණ්ඩු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාලුම් ප්‍රවාහන රථ මගින් සිදුකරන බැවින් එම සේවාවන් වලට විශාල බාධාවක් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඩීසල් හිඟයෙන් බහාලුම් රථත් නවතින ලකුණු