IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඩොලර් හිගයෙන් ආහාර බහාලුම් 1500 වරායේ හිරවෙයි

(නිමල කොඩිතුවක්කු)

ඩොලර් හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1,500 ක් පමණ තවමත් වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙලදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.

පවතින ඩොලර් හිඟය හේතුවෙන්  දිනකට ඉන් මුදාගැනීමට හැකි වන්නේ බහලුම් 50ක පමණ ප්‍රමාණයක් බවද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම බහාලුම් තුළ පවතින බවත් හෙතෙම කීවේය.

දිනකට වරායෙන් මුදා හරින බහලුම් සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගැනීමට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුලු බලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් ඔහු පැවසීය.

ඩොලර් කඩිනමින් ලබාදී මෙම බහාලුම් මැදා ගැනීමට නොහැකි වුවහොත් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති විය හැකි බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (1)

ඩොලර් හිගයෙන් ආහාර බහාලුම් 1500 වරායේ හිරවෙයි

MO77 Friday, 04 February 2022 10:24 AM

ඇයි ගජමිතුරු ආනයනකරුවන්ට රජයේ බැංකු වලින් ඩොලර් දෙනවනේ... ඔවුන් රුපියල් දෙසියදෙකට ඩොලර් අරගෙන, බඩුමිල ඩොලර් 250කට මිලදී ගත්තා යැයි ගණනය කර සුපිරි ලාබ ලබනවා. මෙහෙමයි විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් ගසාගන්නේ. ඩොලර් වලට වෙළෙඳපළ වටිනාකම දෙනකං ඩොලර් එවන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site