IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩිල්රුවන් - අජන්ත - කුසල් විස්සයි-20 සංචිතයට එක්වෙති

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන විස්සයි-20 තරගයට සහභාගි වීමට තුන් ඉරියව් ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් සහ පිතිකරු කුසල් ජනිත් පෙරේරා යන ක‍්‍රීඩකයෝ අද (22) රාත‍්‍රි අබුඩාබි බලා පිටත්ව යෑමට සූදානමින් සිටියහ. ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරුවකු වන පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා, ශ්‍රී ලංකාවේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරග දෙකේදී පන්දු යවන්නකු ලෙස විශිෂ්ට දස්කම් දැක්වීය. ඩිල්රුවන්,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පළමු විස්සයි-20 තරගයේදී කඩුලූ තුනක් දවා ගනිමින් අවධානය දිනා ගත්තේය. ලෝක විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින අජන්ත මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී සහ මෙම පාකිස්තානු සංචාරයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. අජන්ත මේ වන විට විස්සයි-20 තරග 20 කදී කඩුලූ 39 ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ යොවුන් කඩුලූ රකින ක‍්‍රීඩක කුසල් ජනිත්, ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට එක්වූ පළමු අවස්ථාව මෙය වේ.



අදහස් (0)

ඩිල්රුවන් - අජන්ත - කුසල් විස්සයි-20 සංචිතයට එක්වෙති

සුසා Wednesday, 23 November 2011 03:17 PM

දිල්රුවන්ට අපේ සුබ පැතුම්

:       0       0

හේමා-abudhabi Wednesday, 23 November 2011 10:14 AM

අජන්ත මෙන්ඩිස් අනිවාර්යෙන්ම සංචිතයට අවශ්‍යයමයි. දිල්රුවන්, අජන්ත, කුසල් ඔබ සැමට සුබ ගමන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site