IMG-LOGO

ඩෙල්ටා ආසාදිතයෝ දෙදෙනෙක් බද්දේගමින්

(සිරිනිහාල් ගමගේ)

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නයාපාමුල හා තිලකඋදාගම යන ගම්මානවලින් ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනකු සොයගත් බැව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

කොරෝනා ආසාධිත වයස අවුරුදු හතළිහක් පමණ වන කාන්තාවක් හා එම වයස් ප්‍රමාණයේ පිරිමි පුද්ගලයකු මෙසේ ඩෙල්ටා ප්‍රභේදයේ කොරෝනා ආසාධිතයන් බවට හඳුනාගෙන ඇත.

ඩෙල්ටා ප්‍රභේදයේ කොරෝනා ආසාධිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇගළුම් කම්හලක සේවකයකුගේ බවත් ඔහුට හා ඔවුන්ගේ වයස අවුරුදු හයක පිරිමි දරුවාට හා වයස අවුරුදු නවයක් වන ගැහැණු දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බැව පැවසේ.

මේ අය අතුරින් අදාල කාන්තාවගේ රෝගී තත්වයේ වෙනසක් තිබීම නිසා එම කාන්තාව ඩෙල්ටා ප්‍රභේදය හදුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ සදහා යොමුකොට ලබාගත් වාර්තා අනුව තහවුරු කරගත් බැව් සෞඛ්‍ය නිලධාරීන් පවසයි.  

ඩෙල්ටා ප්‍රභේදය ආසාධිත පිරිමි පුද්ගලයාගේ බිරිද පෙර සදහන් ඇගළුම් කම්හලෙහිම සේවය කරන බවත් එම පුද්ගලයාගේ බිරිද දරුවා හා ඔවුන් සමග වාසය කරන  පියාට හා මවටද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

 



අදහස් (3)

ඩෙල්ටා ආසාදිතයෝ දෙදෙනෙක් බද්දේගමින්

මුණසිංහ Friday, 23 July 2021 08:15 AM

බද්දේගම තියෙන මේ ඇඟළුම් කම්හල සෞඛ්‍යාරක්ෂිත නැති බවට ප්‍රසිද්ධයි. ඒ ගැන සොයා බැලුවොත් හොඳයි. බද්දේගම අනතුරේ හෙළලා තියෙන්නේ මේ කියන කම්හල.

:       0       7

kapila Friday, 23 July 2021 06:36 PM

බද්දේගම අවදානම මීට කලින් හඳුනාගෙන තිබුණත් රජයයන් කිසිම තීරණයක් ගත්තේ නෑ. දැන් ඩෙල්ටා රට පුරා යනවා. ලැම්ඩාත් ඇවිල්ලාද කියලා බලමු. එයා විතරයි තවම අඩු. අනේ මන්දා මේ ආර්ථිකේ?

:       0       5

සෙනෙවිරත්න Friday, 23 July 2021 07:50 PM

මම නම් හිතන්නේ මේ වෛරස සාමාන්‍ය වයිරසයෙන්ම ඕනෑම කෙනෙක් තුළ ඇතිවෙනවා වියහැකියි. ඔය ඇඟලුම් කම්හලේ අයට කාලයක් තිස්සේ වෛරසය කැරකුණා. එහෙම නම් නව වෛරසය ආවේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 75 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 48 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site