IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි

(කැලුම් බණ්ඩාර)

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විගමන බලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සැලසුම්කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානි පුරවැසියෙකු වීම නිසා ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූවාය. ඩයනා ගමගේ මහත්මිය එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇති බවත් මෙරට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පවත්වාගෙන යාමට ඇය අපොහොසත් වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය විය.ඒ හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

පෙත්සමේ තීන්දුවත් සමග ශ්‍රී ලාංකික නොවන ඇය කිසිදු වලංගු ලියවිල්ලක් නොමැතිව මෙරට ජීවත් වූයේ කෙසේද යන ප්‍රශ්නය මතු වූවේය.ඇය ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ ලේඛනයක් භාවිත කර මෙරට ජීවත් වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටියේ කෙසේදැයි ආගමන විගමන බලධාරීන් සොයා බලන්නේද යන්න පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවයි.

 



අදහස් (9)

ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි

සෙනෙවිරත්න Saturday, 11 May 2024 05:15 AM

අනේ දෙවියනේ දැන දැනත් නීති කඩපු කෙනා අල්ලන්න නීතිය හොය හොයා ඉන්නවා.. අරයාගෙන්, මෙයාගෙන් අහ අහා ඉන්නවා... මෙහෙම නිවටකමක්..., රනිල් මේසෙ යට ඉන්නවා කියලා හිතාගෙනද වැඩ කරන්නේ? අපි වගේ දුප්පත් කෙනෙකු වරදක් කළා නම් කොහොමද ඔය බන්දුගේ පොලීසිය...?

:       0       24

Perera Saturday, 11 May 2024 05:55 AM

නීතිපති ඔය උපදෙස් දෙන්න තව දශක දෙක තුනක් ගනීවිද මන්දා...!

:       0       22

ජගත් ලියනගේ Saturday, 11 May 2024 06:19 AM

ඔය වගේ වැරැද්දක්, වෙන එක්කෙනෙක් කරානං මෙලහකට මොනවා වෙලා ඇත්ද?

:       0       22

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 11 May 2024 07:21 AM

ඒකත් එහෙමද? නිකම්ම නිකම් පුරවැසියන්ට නම් ලෝකෙ කොහේවත් නොමැති නීති යටතේ නඩු පවරනවා. මතකද බ්‍රිතාන්‍ය ජාතික සංචාරක ස්ත්‍රියකට අතේ බුදුන්ගේ පච්චයක් තිබීම නිසා නඩු පැවරුවා. සියලුම බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ලංකාවේ නීතිය එකසේ ක්‍රියාත්මක කළ යුතු නැද්ද?

:       1       16

ravin Saturday, 11 May 2024 10:10 AM

නීති විරෝධී ලෙස මෙරට තුළ රැඳී සිටින අයට ඉස්සර කිව්වේ කල්ලතෝනි කියලා.

:       1       32

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 11 May 2024 10:46 AM

ඇත්තටම මේක නම් විහිළුවක්. මේකත් හරියට අර අය්තිකරු නොමැති මල්වානේ නිවාස වගේ කතාවක්... මේතරම් ප්‍රසිද්ධ චරිතයක්, ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බවට පාර්ලිමේන්තුවේ විටින් විට ඇසුණු සංවාදයක් මුළු ලංකාවටම නොරහසක්, මේතරම් දේවල් සිදුවෙලත් මේ නිලධාරීන් ඒ පිළිබඳව නොදැනුවත් නම් ඇත්තටම පුදුමයක්.. මං හිතන්නේ ජනතා සේවයට මූලිකත්වය ලබාදෙන... ඒ සඳහා ඇප කැපවුණු අදාල නිලධාරීන්ට වෙලාවක් නෑ ඒවා සොයා බලන්නට...

:       0       37

Shanaka Saturday, 11 May 2024 08:27 PM

එය එසේ නම් ඇය ඡන්දය පාවිච්චි කළ සියලු අණ පනත් නීතී විරෝධී හා වලංගු භාවයක් නොමැති ඒවා විය යුතුයි.

:       0       13

Nanda Saturday, 11 May 2024 08:57 PM

දැන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ එක රටක්... එක නීතියක්...

:       2       3

Nandana Saturday, 11 May 2024 09:14 PM

අත් අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන්න... නම අසාදු ලේඛනයට දාන්න.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 941 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 510 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 448 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 730 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 323 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 171 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site