IMG-LOGO

2024 ජුනි මස 16 වන ඉරිදා


ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා

(හේමලතා ඩී හේවගේ)

ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු රැහැන් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.

ටෙලිකොම් ආයතනයේ හලාවත සහ ලුණුවිල යන උපසේවා ස්ථානවල සේවය කරන අවුරුදු තිස්පහ සහ පනස් හය වයසේ පසු වන මෙම සැකකරුවන් කටුනේරිය, මාරවිල, තුඩුවාව, කොස්වත්ත, වෙල්පල්ල, කැලණිය හා කොබෙයිගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

බෝවත්ත ප්‍රදේශයේ නිවෙස්වල දුරකථන ක්‍රියාත්මක නොවීම නිසා ඒ පිළිබඳව කුලියාපිටිය ටෙලිකොම් උප සේවා ස්ථානයට දැන්වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇත.

භූගතව සවිකර ඇති දුරකථන රැහැන් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබූ දුරකථන රැහැන් අස්ථානගත වී ඇති බව අදාළ නිලධාරීන් දැන ගැනීමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳව පන්නල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.

අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි දමා ගොස් තිබූ දුරකථන රැහැන් කැබලි කිහිපයක් සොයාගත් බවත් ඒවා ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් මෙම රැහැන් මිලට ගෙන උණුකර තඹ ලබාගන්න දංකොටුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ තොරතුරු සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.

වෙළඳසැල් හිමියාගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු වලට අනුව මෙම සොරකම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවස්ථා ගණනකදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් අලෙවි කර ඇති බවත් ඒවා හලාවත ප්‍රදේශයේදී උනුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

 

 



අදහස් (3)

ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා

dasun Thursday, 23 May 2024 06:55 PM

මේ ජාතියේ හොරු එකතුවන පක්ෂය හොඳින් තේරුම්ගනු ඇතැයි සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිමි.

:       4       4

kanchana Friday, 24 May 2024 11:38 PM

ෆොටෝ එකේ මැද ඉන්න කොටු ෂර්ට් කාරයා නේද? හොර වැඩේ කරලත් ඉන්න ඇට්ටර පාට් එක. මටත් හොඳට හුරු පුරුදු මුහුණක්, පිට කොටුවේදී පොකට් ගහලා අහුවුණාම බ්ලේඩ් තලයකින් මිනිස්සුන්ව කපලා පැන්නේ මෙයා තමයි. පොලිසියේ ඉස්පැක්ටර් මහත්තයෝ, හංගපු තඹ කම්බි පෙන්නන්න අරගෙන යන්න...

:       0       3

R h fernando Sunday, 26 May 2024 12:34 AM

ඔය මිනිස්සු රටට සාපයක් ඔය ජාතියේ උන්ව රස්සාවෙන් වහාම අයින්කරන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිවේගයේ බසයෙන් කුඩු අදින්න බැරි වේ
2024 ජුනි මස 16 59 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී හෙරොයින්. සහ හෑෂ්. මත්ද්‍රව්‍ය ඇතුලු දුම්කොල ග්‍රෑම් 57ක්, ජංගම දුරකතන හතක් ,කුඩා කියත් තලයක් ලයිටර හතරක්,යත


පැය කීපයක තාවකාලික සටන් විරාමයක්
2024 ජුනි මස 16 86 0

දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කි


අඟහරු ආවාටයට ඉන්දීය නමක්
2024 ජුනි මස 16 60 0

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියව


ලිංගික දර්ශන අන්තර් ජාලයට දැමූ තරුණ ජෝඩු දෙකක් මාට්ටු
2024 ජුනි මස 16 409 0

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලයට යොමු කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කිය


පිටසක්වළයන්ගේ යැයි සැක සිරුරු දෙකක්
2024 ජුනි මස 16 648 0

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණයට ලක් වුණු අසාමාන්‍ය සිරුරු දෙකක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන් පි


යුක්තිය නිසා අපරාධ අඩුවෙලා
2024 ජුනි මස 16 88 0

යුක්තිය මෙහෙයුමට යටතේ සිදුකළ වැටලීම්වලින් සහ මුර සංචාර හේතුවෙන් සමස්ථ අපරාධ සියයට 24 කින් අඩුවී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1300 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3017 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2478 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site