
(ප්‍රසාද් රුක්මල් සහ ශාන්ත චන්ද්‍රසිරි)
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1023 ටිකිරිමැණිකේ සීග්‍රගාමි දුම්රිය තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ වටගොඩ පාලම උඩදී පීලිපැනීමට ලක් වීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය අද (16)කොළඹ කොටුව හැටන් සහ බදුල්ල නානුඔය දක්වා සිමා කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
ටිකිරිමැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී ඊයේ (15) රාත්‍රි 9.50 ට පමණ මෙසේ පාලම උඩදී පීලිපැනීමට ලක් වී ඇති අතර ,දුම්රියේ ඉදිරිපස එන්ජිම මෙලෙස පීලිපැනීමට ලක් වී ඇතැයි දුම්රිය බලධාරීන් කීහ .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ දැනට නවතා තබා ඇති බවත් එම දුම්රිය වලින් පැමිණි මගීන්ට බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු සිදු කල බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (16) පෙරවරු 6.02 ට නානුඔය දක්වා ධාවනය වූ බවත් , කැලිප්සෝ සංචාරක දුම්රිය බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බවත් කොළඹ බලා ධාවනය වීමට සෙසු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට නියමිත යැයි දුම්රිය බළධාරීන් පැවසූහ .
(ඡායා රංජිත් රාජපක්ෂ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන්ට මාර අත්දැකමක් වෙන්න ඇති මහ රැ කැලයක් එක්ක තේවත්තක් මැද්දේ කෝච්චිය නතර වුනාම
වැඩ වැරීම , පීලි පැනීම , කැඩීම සහ අනතුරු ....ලෝකෙ කිසිම දුම්රිය සේවයක මේ තරම් තියෙනවද කිය ලා මම නම් නොදනිමි
වෙන කොයි රටේද මෙහෙම මාසෙකට දුම්රිය හතරක්, පහක්වත් පීලි පනින්නේ. හේතුව හොයලා බලලා පිළියම් යෙදුවේ නැතිනම් ලොකු විනාශයක් වෙනවා ළඟදීම...!