
(එස් ඩී කොඩිකාර)
පාඩම් නොකර අන්තර්ජාලයෙන් "ටික් ටොක් " බලමින් සිටි බාලවයස්කාර පුතා දැක එයට උරණ වී ඔහුගේ තට්ටම් ප්‍රදේශය රත් කළ යකඩ කූරකින් පුළුස්සා තුවාල කළ පියකු අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය කියයි.
සිය පියා කුලී වැඩට ගොස් ඇත්තේ තමාගේ ජංගම දුරකථනය නිවසේ අමතක වී ඇති අතර නිවසේ සිටි දරුවන් එදින එම දුරකථනය රැගෙන "ටික් ටොක් " වීඩියෝ නැරඹා ඇත.පසුව වැඩ ඇරී නිවසට ආ දරුවන්ට පාඩම් කිරීමට නියම කර පියා රාත්‍රී ආහාර පිළියෙල කිටීමට ගොස් ඇති අතර මඳ වේලාවකින් දරුවන් පාඩම් කරනවා දැයි සොයා බැලීමට ගිය අවස්ථාවේදී නැවත සිය ජංගම දුරකථනය රැගෙන ටික් ටොක් බලන අයුරු දැක උරන වූ පියා ලිපෙහි රත් වූ යකඩ කූරක් ගෙන සිය (13) හැවිරිදි වැඩිමහල් දරුවාගේ පිටුපස ප්‍රදේශය පුළුස්සා තුවාල කර ඇත.
පසුව පාසල් ගිය දරුවා සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විද්‍යාලයේ විදුහල්පතිවරයා එම සිසුවා දෙනියාය මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ඔහු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යාව තිබූණි .
කෙසේ වෙතත් පවුලේ තත්ත්වය සහ ඔවුන් ජීවත් වන ආකාරය සොයා බැලීමට නිවසට ගිය දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න මහතාට දක්නට ලැබී තිබුණේ හරියට කෑමටවත් ගැනීමට කිසිවක් නිවසේ නොතිබූ බවයි.
දරුවන් සහ ඔහුගේ බිරිඳගේ අසනීප තත්ත්වය දැක ස්ථානාධිපතිවරයා පැමිණ සිටි නිලදාරීන්ගේ අත තිබූ මුදල් එකතු කර වහා නිවසට අවශ්‍ය අහාර ද්‍රව්‍ය රැගෙන ගොස් දීමට ද කටයුතු කළ බවද දැන ගන්නට ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගන්නා දරුවන්ට "ටික් ටොක්" යනු විනයක්.
ටික් ටොක් නම් සාපයක්. මම මගේ ෆෝන් එකකවත් මේවා දාගෙන නැහැ. දාන්න දෙන්නෙත් නැහැ
C.I. - චන්දන අමරත්න මහත්මයාණනි , ඔබතුමාව ශ්‍රී ලංකා පොලිසියට ආදර්ශයක්! ඔබතුමාට මගේ ප්‍රණාමය! කරුණාකර මේ පවුලට උදව්වක් කරන්න පුළුවන් මාර්ගයක් “ලංකාදීප” පුවත්පත හරහා දන්වන්න.
කන්න නැත්ත සමාජ මාධ්‍ය බලන්න දරුවෝ අබ්බැහි වෙලා..වැරැද්ද අම්මලා තාත්තලා ගේ තමා..ළමයිට ෆෝන් දෙන එක සමාජ ප්‍රශ්නයක් වෙලා..ළමයි විතරක් නෙවේ..බස් වල, දුම්රියේ යන මහා මිනිසුන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ..වටේට ඇහෙන්න තමන්ගේ ෆෝන් එක බලනවා..මේවා අඩු කරන්න නීති ගෙන්න වෙයි..නැත්නම් මේ රටේ මානසික ලෙඩ්ඩු වැඩි වෙන්නේ..
අනුන්ගේ දුක දැක්කාම හිත උණු වෙන ගතිය ශ්‍රී ලාංකිකයන්ගේ ජාන වල තියනවා කියන එකට හොඳම උදාහරණයක්