
(දයාරත්න ඇඹෝගම)
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි කිරියාගේ ඉන්ද්‍රාවති(62) නැමති සිවුදරු මවකි.
මෙම ට්‍රැක්ටරය ඇතුන්ගම දෙස සිට තිරප්පනය නගරය දෙසට ධාවනය කරමින් තිබියදි එම මාර්ගයෙන්ම එම දෙසටම ගමන් ගත් ස්කුටර් වර්ගයේ යතුරු පැදිය ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ 08 කණුව වංගුව අසලදි ට්‍රැක්ටර් රථයට ඉස්සර කිරිමට යාමේදි ට්‍රැක්ටර් රථයේ ගැටි වැටිමෙන් පසුව එම ට්‍රැක්ටරයට යටවිම නිසා කාන්තාව බරපතල තුවාල ලැබු බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පදිංචිව සිටින 61 හැවිරිදි ට්‍රැක්ටර් රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.