
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීම සඳහා ඇමෙරිකානුවෝ දහස් ගණනක් නැවත වතාවක් විදී බැස විරෝධතා පවත්වති.
ඇමරිකානු විප්ලවීය යුද්ධය ආරම්භ වී 250 වැනි සංවත්සරයට සමාගාමීව මෙම විරෝධතා පැවැත්වුණු අතර එය "50501" ලෙස හඳුන්වා තිබිණ.
ප්‍රාන්ත 50 විරෝධතා 50 ක් එක් ව්‍යාපාරයක් එහි අදහස විය.
ධවල මන්දිරය ඉදිරිපිට සහ බොහෝ නගරවල ටෙස්ලා අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට සිට ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විරෝධතාකරුවෝ සිය කණස්සල්ල පළ කළහ.
වර්තමානයේ දේශපාලන විරෝධතා ඇමෙරිකාව තුළ බහුලව දක්නට ලැබුණත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ පළමු දින 90 තුළදී ගෙන ඇති ක්‍රියාමාර්ග ඔහුගේ ඡන්දදායකයන් සියයට 45 ක් අනුමත කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් විරෝධතාවලදී රජයේ කාර්යක්ෂම දෙපාර්තමේන්තුව ක්‍රියා කලාපය හා රජයේ රැකියා කප්පාදු කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය දැඩිව විවේචනයට ලක්ව ඇත. විරෝධතා සාමකාමීවූ බවද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ට වාගේම මැයි 07 සිට අපේ රටේත් *අනුර අපායට පල* Anura go to hell* විරෝධතා ඇති වෙයි . හැබැයි එහෙම වෙන්නේ සජිත් හෝ රනිල් බලයට ගේන්න නොවේ.
ඇමරිකාවෙත් ඇමරිකන් ජෙප්පෝ ඉන්නවා. ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කරනවට අකමැති වෙන්න ඇමරිකානුවෙක්ට බෑ.