IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමය රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට යොමු කෙරුණු නමුත් රුසියන් ජනාධිපති පුටින් ඊට කැමැත්තක් දැක්වූයේ නැත.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති පුටින් අතර මෙම දුරකතන කතාබහ පැය 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත් වුණු බව ධවල මන්දිරයත්, ක්‍රෙම්ලීනයත් තහවුරු කර ඇත.

දින 30 ක සටන් විරාමයට අකමැති වුවත්, යුක්රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින් රුසියන් හමුදාවට දැනුම් දුන් බව පැවැසෙයි.

රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් ඇමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ යුක්රේන රජය මේ වනවිටත් කැමැත්ත පළ කර ඇත.

දින 30 සටන් විරාමයට පුටින් අකමැත්ත පළ කළ කිරීමෙන් පෙනී යන්නේ, රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීම කෙරෙහි පුටින්ගේ කිසිදු උනන්දුවක් නොමැති බව පෙනී යන්නේ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 674 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 852 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site