IMG-LOGO

ටොනාඩෝවකින් විරඹුගෙදර නිවාස 100ට හානි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වර්ෂාව සමඟ ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟක් හේතුවෙන් විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව කුරුණැගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අරුණ විරාජ් දිසානායක මහතා පවසයි.

අද (15) ඇතිවූ ටොනාඩෝ සුළි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස වල වහලවල් සුළගට ගසාගෙන ගොස් තිබූ අතර ඒ සමඟම දැවැන්ත ගස් නිවෙස් මතට කඩා වැටී නිවාස වලට දැඩි හානි සිදුව තිබූ බව සහකාර අධ්‍යක්ෂ වරයා පැවැසීය.

අධ්‍යක්ෂවරයා පවසා සිටියේ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන්  දැවැන්ත ගස් කඩා වැටීමේන් මාර්ග සම්පුර්ණයෙන් වැසි තිබූ අතර විදුලියද සම්පුර්ණයෙන් ඇණහිට තිබූ බවයි.

ආපදා හේතුවෙන් හානි සිදුවූ නිවාස නැවත සැකසීමට හා අවහිර වූ මාර්ග නැවත යථා තත්ත්වයට පත් කිරීමට යූද හමුදාව දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ අතර තවත් විවිධ අංශ වල පිරිස් දායකත්වය දැක්වූ බව සහකාර අධ්‍යක්ෂ වරයා පැවැසීය.

මේ සඳහා යූද හමුදා භට පිරිස් 100 ආසන්න පිරිසක් එක්ව තිබූ අතර බටහිර ආරක්ෂක සේනා ආඥාපති එස්.ඩි.ටි. ලියනගේ සහ 14 වන සේනාංකාධිපති මේජ්ර් ජනරාල් ආර්.ඒ. නුගේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි  පුත්තලම 143 බලසේනාධිපති කර්නල් ඩි.එම්.පි.ඩි.දිසානායක මහතාගේ මෙහෙය වීමෙන් පලමුවන ශ්‍රී ලංකා ආරක්ෂක බළමුළුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළ මුළුවේ  නිලධාරීන් සහ සෙසු නිලධාරීන් එක්වූහ.

ආපදාවන්ට ලක්වූ නිවාස හිමිකරුවන්ට හෙට (16) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ සහභාගිත්වයෙන්  රුපියල් 10000 බැගින් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය .



අදහස් (1)

ටොනාඩෝවකින් විරඹුගෙදර නිවාස 100ට හානි

amara Thursday, 16 August 2018 12:51 PM

බලන්න හමුදාවක අගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site