IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ටිකට් නැතිව කලබලයක්

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පකිස්ථාන අවසන් තරගයේ ටිකට් සියල්ල (16000) විකිණී අවසන් වීමත් සමග මහා තදබදයක් ඇතිවිය.

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පැවැතියේය.දහ දෙළොස් දහසකට අධික පිරිසක් ක්‍රිකට් තරගය නැරඹීමට ඊට ඇතුළු වීමට පොරකති. එසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකුගේ ඇඟිල්ලක් ද කැඩී තවත් කිහිපදෙනකුට තුවාල සිදුව ඇත. දඹුලු ක්‍රිකට් ඉතිහාසයේ මෙතරම් පිරිසක් තරගයක් බැලීමට ආ මුල් අවස්ථාව මෙයයි.

(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)

362 363 361 360 359 358

(ඡායාරූප-දමින්ද විජේසුරිය)

Dambulla-Ground-02 Dambulla-Ground-03

 



අදහස් (0)

ටිකට් නැතිව කලබලයක්

නිමල් රාජපක්ෂ Saturday, 30 August 2014 01:03 PM

දම්ම, ඕනනම් අපි වරායක් ,ගුවන් තොටුපොළක් වුණත් දෙන්න පුළුවන් ඒ විතරක් නෙවි මානසික ඉස්පිරිතලයක් උවමනාබව පේනවා ඔයාලවගේ අයට බේත් ගන්න ,(අ)

:       0       0

ශාන්ති Saturday, 30 August 2014 01:02 PM

කමල් කියන දේ තමයි මමත් කියන්නේ (අ)

:       0       0

වජිර Saturday, 30 August 2014 01:17 PM

මානසික පීඩනය අඩුකරගන්න ක්‍රීඩා නරඹන්න, (ස)

:       0       0

වජිර Saturday, 30 August 2014 01:18 PM

අපි ක්‍රීඩා බලන්නේ ප්‍රශ්න තාවකාලිකව අමතක කරන්නයි. (ස)

:       0       0

චමින්ද Saturday, 30 August 2014 09:32 PM

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ, ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයකට අසුන් ගන්න පුළුවන් නේද? (නි)

:       0       0

දිල්ශාන් සංදීප Saturday, 30 August 2014 07:09 AM

අපරාදේ ගමේ හිටියා නම් මාත් යනවා. (අ)

:       0       0

සුනිල් විතානගේ Saturday, 30 August 2014 07:20 AM

ලංකාවේ කට්ටියට කන්න නෑ කියල කටිටිය අඬනවා (අ)

:       0       0

විමල් Saturday, 30 August 2014 07:24 AM

කවුද කියන්නේ අප‍ රට දුප්පත් කියලා. වහාම ඇතුල්වීමේ ගාස්තුව සහ සියලුම අනෙකුත් සේවා වල බදු 20%කින් විතර වැඩි කරන්ඩ. මිනිස්සුන්ට සල්ලි වැඩ්යි.(අ)

:       0       0

සුනිල් විතානගේ Saturday, 30 August 2014 07:26 AM

අපේ රටේ දියුණුව දැන් පේනවා නේද (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 30 August 2014 07:27 AM

ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන තැන අනෙක් ක්‍රීඩා වලටත් තියෙනව නම්! (අ)

:       0       0

වසන්ත Saturday, 30 August 2014 08:05 AM

බෝල ගැහිල්ලට ලංකාවේ තියෙන පිස්සුවක්? (අ)

:       0       0

ධම්ම Saturday, 30 August 2014 08:35 AM

දඹුල්ලට ගොල්ෆ් පිටියක් ඕනෑ. (අ)

:       0       0

තිළිණ ධනුෂ්ක අබේවික්‍රම Saturday, 30 August 2014 08:50 AM

මිනිස්සුන්ට සල්ලි වැඩ්යි.....? (අ)

:       0       0

තිවංක Saturday, 30 August 2014 08:57 AM

අඩු තරමේ 50000 දාන්න පුළුවන් වෙන්න ක්‍රිකට් පිට්ටනි ටික හදන්න කාලේ හරි වගේ (අ)

:       0       0

ඉන්දු මෙල්බෞර්නෙ Saturday, 30 August 2014 08:58 AM

ක්‍රීඩාව කියන්නේ ජාති , ආගම්, කුල භේද වලින් මිනිසුන්ව ඇත් කරවන වටිනා දෙයක්.. ඇයි ඇති වෙන්න ටිකට් දුන්නේ නැත්තේ. (අ)

:       0       0

සන්ඳුනි Saturday, 30 August 2014 09:06 AM

ඉන්දු මෙල්බෝන්...දඹුලු පිටියේ ඉඩ තියෙන්නේ 20000 ට අඩු පිරිසකට විතරයි මම දන්නා හැටියටනම්. (අ)

:       0       0

කමල් Saturday, 30 August 2014 09:09 AM

ගෙදරට වෙලා ටී වී එකෙන් බැලුවනම් ඉවරිනේ . පොරකාලා තුවාල කර ගන්නේ නැතුව .(අ)

:       0       0

සේනක Saturday, 30 August 2014 09:11 AM

ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ලැදියාව හොද දෙයක්, එත් වැඩි හරියක් අපේ මිනිස්සු බඩට කන්ඩ නැතත් ඔහේ අනිත් මිනිස්සු යන්නන් වාලේ යනවා ,මේවා දකිනකොට හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ට කිසිම අගහිඟ කමක් නැහැ ,,, සම්පුර්ණයෙන්ම බොරුව ගෙනියන්නේ කියලා ,,(අ)

:       0       0

මංජුල Saturday, 30 August 2014 09:14 AM

ඉන්දු මෙල්බර්න්. මම නම් දැකල තියනවා අපේ ලංකාවේ මිනිස්සු අපේ තරග වලදී ඉන්දියාවට පකිස්ථානයට සපෝර්ට් කරනවා ... ඔය කොහමද කියන්නේ අය වගේ අය ළඟ ජාති , ආගම්, කුල භේද නේ කියල.(අ)

:       0       0

සෑම් Saturday, 30 August 2014 09:33 AM

මේකේ තිබුණ ආසන ගලවලා සුරියවැවට ගෙනිච්චානේ. දැන් ඉතින් පල්ලෙකැලෙන් සීට් ටිකක් ගලවලා මේකට ගෙනවිත් ආසන වැඩි කලානම් හොඳයි. මොකද එතකොට ආසන සැපයීමත් සංගීත පුටු තරඟයක් වගේ වෙනවානේ. (දිල්)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 31 August 2014 06:48 AM

මේ මිනිස්සුන්ගේ ඇගවල් දැක්කහම පේනවා සාගතයට අහුවෙලා වගේ කියල. තාවකාලිකව ප්‍රශ්න අමතක කරන්න මිනිස්සු මේවගේ ක්‍රම යොදා ගන්නවා. මේ මිනිස්සුන්ගේ ජීවන බර අඩු කිරීමට පියවර ගතයුතුයි . අපි මේ අයව විහිලුවකට ගන්න එක පවක්.(අ)

:       0       0

සෑම් Saturday, 30 August 2014 11:14 AM

ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැතුවට ක්‍රිකට් බලනවා කියල අදහස් දාපු කට්ටියට මේ කියන්නේ, ඔය වගේ ආත්මාර්ථකාමී කතා කියන්ඩ එපා. අපේ මිස්සුත් ජීවිතය විදින්න ඕනේ.හැමදාම විඳවන්න ඕනේ නෑ. වෙන රටවල මින්නිසු විනෝදයට මොන තරම් දේවල් කරනවද? අපේ අහිංසක මිනිස්සු විනෝදෙට කියල කරන්නේ ටීවී බලන එකයි නොමිලේ පෙන්නන සංගීත සන්දර්ශනයක් බලන එකයි. ඉතින් මොනවද මේ අදහස්? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site