IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට

(යොහාන් භාසුර)

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර රෝහලට අද (29) ඇතුළත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

ඥානසාර හිමියන් පපුවේ අමාරුවකින් පෙළන්නේ යැයි දැනුම්දීමෙන් පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ඊයේ (28) මෙම දඩුවම නියම කළ අතර ඥානසාර හිමියන්ව ඊයේ පස්වරු 2.00 ට පමණ වැලිකඩ බන්ධනාගරයට රැගෙන ආවේය.



අදහස් (9)

ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට

Prabha Friday, 29 March 2024 08:55 PM

අර ෆොන්සේකා මහත්තයාට විතරයි කෙළින් හිටියේ...!

:       149       65

chandima Friday, 29 March 2024 09:02 PM

සාෆි දොස්තර මහත්තයාට කිව්වා නම් බෙහෙත් දෙනවා.

:       139       64

anuranga Friday, 29 March 2024 10:00 PM

අනේ අපුච්චේ... පවුකර ගත්තා මදිද, තව බොරු කියන්නේ.., අපි වැලිකඩටත් සංහිඳියා කාර්යාලයක් දාලා දෙමු... මයේ පුතා. එතකොට ඔය කාන්සිය ටිකක් අකා මකා යයි...

:       107       54

Buddika Saturday, 30 March 2024 08:07 AM

දිට්ඨධම්ම වේදනීය කර්මය මේකම නේද? උතුම් චීවරය දරාගත් මිනිසුන් අතර ඒ චීවරයේ ගරුත්වය කෙලසන, චීවරයට නොසුදුසු අය සිටිනවා. මේ එවන් අයෙක්. තමන් පැවිදි වුණු අරමුණ පැත්තකින් තියලා සීමාවක් නැතිව කඩේ යාමේ ප්‍රතිඵල සිරගෙදර. ගෝඨාභයගේ බලයෙන් ඔළුව උදුම්මාගෙන රටේ නීතිය අතට අරන් වැටක් නැති කට ඇරීමේ ප්‍රතිඵලයද මෙයයි...!

:       51       24

නිහාල් Saturday, 30 March 2024 08:45 AM

වෙන ජාතීන් රටෙන් යවන්න ප්ලෑන් කළේ...

:       34       17

බවුද්ද නිංජා Saturday, 30 March 2024 11:24 AM

බෞද්ධයිනි, එක්වවු...!

:       12       30

BuddikaSaturday, 30 March 2024 01:16 PM

ඔව්, එක්වීම හොඳයි.. මහානායකවරු කොතෙක් හිටියත් නායකත්වයක් නැති නායකකම් වැඩක් නෑ. තව කෙනෙක් බුදු දහම විකෘති කරනවා අර මැල්සිරිපුර පැත්තේ. ඒත් බලධාරින් නිදි...

:       0       33

Nihal Saturday, 30 March 2024 09:52 PM

ඔබ වහන්සේ රටේ එම අන්තවාදය ගැන රටට බෙරිහන්දීලා කියපු දේ පාලකයින් ඇහුවා නම් අදත් 249 ජීවත් වෙනවා. ඔබ වහන්සේට ඉක්මණින් නිදහස වෙනුවෙන් අපි කැපවෙන්නමු, දීර්ඝායුෂ වේවා...!

:       0       37

Asanga samantha Sunday, 31 March 2024 10:53 AM

බුදුදහමට අපහාස කරපු ජෙරම්ට නීතිය කෝ? ඒවාට මොකද වුනේ...?

:       1       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 323 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 638 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 312 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 1007 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 206 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 460 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site