IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප

(නිමන්ති රණසිංහ / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය.

පොළොන්නරුව කින්නවේල්පට්ටි හෝ වේරගොඩැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වා මුස්ලිම් ජනතාවට අපහාස කළැයි මෙම නඩුවෙන් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා නගා ඇත.

ඥානසාර හිමියන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා මහජන සාමය කඩවන පරිදි මින් මනත ක්‍රියා කළොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරනු ලබන බවත් දැන්වීය.

 

 



අදහස් (18)

ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප

Lal Wednesday, 21 June 2017 10:22 AM

රට, ජාතිය, ආගම ආරක්ෂා කරගැනිමේ උදාර මෙහෙවර වෙනුවෙන් නායකත්වයගෙන ජීවිත පරිත්‍යයාගයෙන් කැපවී සිටින අපගේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව පතමි.

:       1317       2327

rohitha samarakone Wednesday, 21 June 2017 10:25 AM

සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේට ජයවේවා...

:       3773       4342

senarath Wednesday, 21 June 2017 11:05 AM

ඔබවහන්සේට නිරෝගී සුවය සහ දිර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා....

:       84       436

rohitha samarakone Wednesday, 21 June 2017 11:10 AM

ඔබ වහන්සේ සිංහල බෞද්ධ අප වෙනුවෙන් කථා කරන එකට පින් සිදුවේවා. තව තවත් අප වෙනුවෙන් පෙනී සිටීමට ධෛර්යය ශක්තිය ලැබේවා. ඔබ වහන්සේ කථා නොකළොත් අප වෙනුවෙන් කථා කරන්න අපේ රටේ වෙන කවුරුවත් ඇත්තෙත් නෑ....

:       275       618

husen mohamad Wednesday, 21 June 2017 11:22 AM

එතකොට අධිකරණයට අපහාස කිරීම්, නඩුවලට පෙනී නොසිටීම වගේ දේවල් දවසින්ම ඇප ගන්න පුළුවන් වැරදි නේද..? අහෝ රටට ගිය කල..?

:       4332       1125

Dharmatileke Wednesday, 21 June 2017 11:26 AM

හොඳයි, නැතිනම් ධර්මය විනාශ වෙනවානේ...

:       10       70

දිනේෂ් Wednesday, 21 June 2017 11:37 AM

සාමකාමී සටනක් යමු නේද?

:       9       150

bhathiya Wednesday, 21 June 2017 11:58 AM

රෝහිත,1948 ඉඳලා අපිට තවම බැරිවුණා අපි ශ්‍රී ලාංකිකයෝ කියන දැනීම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව අතරට ගෙනියන්න. ඔවුනුත් ශ්‍රී ලාංකිකයෝ. මේක අපේ රට කියන හැඟීම සියලු ජාතින් අතර තියෙන්න ඕන. නායකයෝ පුජකයෝ ඉඳල හැමෝම කතා කරන්නේ මේ ගැන පමණයි. අද වෙන්න ඕන අපි ශ්‍රී ලාංකික කියන කුලකය තුළට සියලු ජාතින් එක රැස් කිරීමයි... ඒක ඇතුලේ සියලු ජාතින් උප කුලක වෙන්න ඕන.

:       22       10

සරදියල් Wednesday, 21 June 2017 12:06 PM

ගලබොඩ අත්තේ හිමියන්ට ජයවේවා.!!! බුදු සසුන රකේවා.....

:       146       525

sena Wednesday, 21 June 2017 12:06 PM

හාමුදුරුවන් වහන්සේගේ වටිනාකම කියලා නිමකරන්න බැහැ..

:       412       691

Gayan Wednesday, 21 June 2017 12:13 PM

සිංහලයන්ට පමණක් සීමා වූවක් දාලා සඟරුවන සිර ගත කරලා බෞද්ධයා විනාශ කරන්න හදන පාලකයනට යන්න වෙනම අපායක් හදන්න වෙයි. අත්අඩංගුවට ගතයුතු කිසිම කෙනෙක් ගත්තේ නෑ අත්අඩංගුවට... බෞද්ධ රටේ බෞද්ධයා විදින දුකක්....සනීපයි යහපාලනය...එන්නකෝ ඡන්දේ ඉල්ලලා .....

:       204       581

K Perera Wednesday, 21 June 2017 12:20 PM

මේ හාමුදුරුවන්ගේ මුහුණේ කිසිම ශාන්ත පෙනුමක් නැහැනේ හැබෑටම!

:       442       283

dhammikaWednesday, 21 June 2017 12:57 PM

කොහෙද යන්නේ කියලා ඇහුවාම මල්ලේ පොල් කිව්වලු. මෙතන ශාන්ත භාවයක් අදාල නෑ. ශාන්ත වෙන්න ගිහින් තමයි බෞද්ධයාට මේ වින්නැහිය වුනේ...

:       0       131

K Perera Wednesday, 21 June 2017 07:00 PM

දම්මික! මල්ලේ පොල් නෙවේ, සෑම ආගමකම පුජකයෙකුටම ශාන්ත බවය අනිවාර්යෙන්ම තිබිය යුතුමය. මෙයා හොද මල්ලව පොරවලට. තවදෙයක්! ලංකාවේ බුදුදහමට කිසිම වින්නැහියක් වෙලත් නැහැ අනාගතේදී වෙන්නෙත් නැහැ. ඒගැන ඔයාල බියවන්න එපා.

:       2       0

ධම්මWednesday, 21 June 2017 01:23 PM

බෞද්ධ අපට නම් උන්වහන්සේගේ හදවතේ ඇති වේදනාව දැනෙනවා.!!!

:       0       121

LalWednesday, 21 June 2017 04:00 PM

ධම්ම ඔබගේ මතය නම් හරි.

:       0       131

shan Wednesday, 21 June 2017 12:50 PM

බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි. අප මාතෘභූමියටත්, සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත්, යම් අභියෝගයක්‌ පැමිණි කල එහි ආරක්‍ෂාව වෙනුවෙන් බෞද්ධ භික්‌ෂූන් වහන්සේ හැම කල්හිම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි. එය භික්‌ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැර හැරීමක්‌ වනවා සේම, අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටළු රාශියකට අපට මුහුණ දීමට එය තුළින් ඉඩකඩ සැකසෙනවා ඇත.

:       218       406

Rohitha samarakone Wednesday, 21 June 2017 04:51 PM

බාතියෝ..., 48 ඉඳන් දෙමල හරි මුස්ලිම් හරි එකෙක් හිතනවද තමුසේ ඔය කියන "සංහිඳියාව" විදිහට ..? අපි කවදත් ඔය විදිහට හිතුවා. නමුත් ඔය එකෙක් ඒ විදිහට හිතන්නේ නෑ. "වෙන්" රූපයක් ඇඳලා ඔය කුලක ටික සේරම දාල බලනවා අපේ කොටස කොච්චර ලොකු උනත්, එකේ ඉන්න අපි සේරම කොච්චර අසරණද දැන් කියලා.....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31379 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13622 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11019 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site