IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු

(උපාලි ආනන්ද) 

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින්   හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේය. 

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන් ගෙන සිටි දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන, ලේ පැල්ලම් දක්නට තිබූ බව ද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මළ සිරුර ද තිබුණේ ඔහු නිදා ගෙන සිටි ඇඳ මත නොව අදාල කාමරයේ ටයිල් කැට ඇතුරු පොළොව මත බවද අධිකරණය හමුවේ කියා සිටියේය.

සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් නිසා සිදුවූ ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක් ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසියට අවශ්‍ය බවද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එම කරුණු සැලකිල්ලට ගත්ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස තා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.

මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබන මැයි මස 14 වන දින විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කරනු ලැබීය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මිය ගොස් සිටි අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක නිවාසයට ගොස් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට මළ සිරුර පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවය.



අදහස් (3)

ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු

නිහාල් Wednesday, 24 April 2024 12:10 AM

ඒ ළඟ මාලිමාවේ අය ඉන්නවා නම් මේ මරණයට ගාවලා ප්‍රවෘත්ති හදමු.

:       17       5

සුරංගි Wednesday, 24 April 2024 10:04 AM

ඔයා කියන්නේ අර CCTV වලින්ම දැකපු ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු අනුරාධපුර අභයවැය විහාරස්ථානයට කඩා වැදී එහි සිටි පුද්ගලයකුට පහර දීම වගේ එකක්ද?

:       2       2

අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 11:20 AM

ඒ ළඟ මාලිමාවේ කවුරුවත් හිටියේ නැතත් කමක් නැහැ... අලි පොහොට්ටු ටෙලිෆෝන් හවුලේ අයට මාලිමාව ‍පටවන්න.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 17 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 13 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site