
නිවාස අර්බුද සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව ස්පාඤ්ඤයේ ප්රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ඊයේ (11) එරට ප්රධාන වෘත්තීය සමිති සංවිධානය කළ මහා වැඩවර්ජනයට දස දහස් ගණනක් සහභාගී වූහ. වසර 14 කට පසු ස්පාඤ්ඤයේ පැවැති විශාලතම වැඩවර්ජනය මෙය යැයි පැවැසෙයි.
මැඩ්රිඩ් අගනුවර කලහකාරී ලෙස හැසිරුණු පිරිසට පොලිසිය හරස් වෙද්දී ප්රචණ්ඩ ක්රියා ආරම්භ විය. මුහුණු ආවරණය කරගත් විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර දරුණු ගැටුම් හටගත්තේය. මැඩ්රිඩ් අගනුවර විරෝධතා සඳහා 120,000කට ආසන්න පිරිසක් ද, බාර්සිලෝනා නගරයේ 50,000කට අධික පිරිසක් ද එක්ව සිටි බව වාර්තා වේ.
බාර්සිලෝනා නගරයේ විරෝධතා අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිස් කසළ බඳුන්වලට ගිනි තබමින් සහ වෙළඳසැල්වල වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කළේය.
මෙම වැඩවර්ජනය හේතුවෙන් ස්පාඤ්ඤය පුරා ප්රවාහන ඇතුළු අනෙකුත් පොදු සේවාවන්ට දැඩි බාධා එල්ල විය. ලබන නොවැම්බර් 29 වැනිදා ස්පාඤ්ඤයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමක මෙම විරෝධතා පැවැත්වීම විශේෂත්වයකි.
ස්පාඤ්ඤයේ ප්රධාන වෘත්තීය සමිතියක් වන 'යූජීටී' සංගමයේ ප්රධානී පෙපේ අල්වාරෙස් ප්රකාශ කළේ අතිවිශාල ජනතා සහභාගීත්වයකින් යුතුව වැඩවර්ජනය සාර්ථක වූ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd