
(අංජුල මහික වීරරත්න)
ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.
කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුවට ගුණ සමරු කමිටුවේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු ආරාධිතයෝ පුෂ්පෝපහාර දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,එජාප මහ ලේකම් තලතා අතුකෝරළ,හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු,හිටපු ආණ්ඩුකාර කරුණාසේන කොඩිතුවක්කු මහත්වරුද සහභාගී වූහ.
ගුණ සමරු උත්සවයේ පැවැදි අනුශාසනාව කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීත්‍යාරාමාධිපති ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමියෝ කළහ.
හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ආරාධිත දෙසුම පැවැත්වූහ.
ඩී.එස්.සේනානායක ගුණ සමරු කමිටුව මෙම උත්සවය සංවිධාන කළේය.
(ඡායාරූප:-සුමුදු හේවා පතිරණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු අග්‍රාමාත්‍ය D S සේනානායක මහතාගේ පිළිරුවට මඳ සිනාවක් ද පහලවී තිබුනේය.
පියණනි, අපේ ලඟ පියවරු අපේ ජාතියම ණය කරුවන් බවට පත්කළා. අපේ ලඟ පියවරු සුජාත දැයි අපට ප්‍රශ්නයක්!
ජාතියේ පියා නිදහස එපා, අපිව දාල යන්න එපා, අනේ අපි එකතුවෙලා මේක පාලනය කරගෙන ඉමු කියල ඔහුගේ සුදු හාම්පුතුන්ට ලියපු ලිපි "බිටිෂ් ආර්කයිව්ස්" වල තියෙනවා. පර්යේෂණ කරන කෙනෙකුට හොඳ මාතෘකාවක් වෙයි.
ඔහුගේ ක්‍රියා ගැන නොවුණත්, ඔහුට ‘ජාතියේ පියා’ ලෙස ඇමැතීම ගැන මට විවේචනයක් තියෙනවා...!