IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාත්‍යන්තරය ගැන හරි අවබෝධයෙන් වැඩ නොකළොත් ලාංකිකයන් අනතුරේ

(අංජුල මහික වීරරත්න)

රජය ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙන තත්ත්වයන් හරියට නිරීක්ෂණය කොට කටයුතු නොකළොත් ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් දරුණු ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජාත්‍යන්තරය මෙන්ම ආසියාව පිළිබඳ හොඳ දැනුමක් තිබෙන නායකයකුගේ අවශ්‍යතාව රටට හොඳින්ම දැනෙන්නේ මෙවැනි අවස්ථාවක බවද අබේවර්ධන මහතා කීය.

මේ වන විට ලෝකයේ යුදමය වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන්නේ යැයි කී අබේවර්ධන මහතා දෙකෝටි විසි ලක්ෂයක් වන ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන වගකීම රජයට පැවරී ඇතැයි කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ බොහොමයක් අද වන විට වෙනස් කරමින් සිටින බව කී අබේවර්ධන මහතා මේ ගැන රට පාලනය කිරීමේදී බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙන්නේ යැයි කීය.

බාර ගත් වගකීම හරියාකාරව ඉටු කිරීමේ බරපතල වගකීම රජය මත පැවරී තිබෙන්නේ යැයිද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (15)

ජාත්‍යන්තරය ගැන හරි අවබෝධයෙන් වැඩ නොකළොත් ලාංකිකයන් අනතුරේ

Abandoned stone castle Thursday, 19 June 2025 12:09 PM

උඹලට ජාත්යන්තරේ ගැන තිබ්බ අවබෝධය නිසා ලංකාව බංකොලොත් උනා මතකද .දැන් කරන්නේ නැතුව හිටපන් . උඹලා දැන් කුණු කූඩෙට වැටිලා ඉවරයි .උඹලා හරිනම් මේ රටෙන් පිටුවහල් කරන්න ඕනි "මෝඩයින් "

:       2       32

සිමියොන් Thursday, 19 June 2025 12:24 PM

මලගෙවල් වල රෑට පාලු මකන්න එක්ක යන්න හොදයි විටක් හප හප අහගෙන ඉන්න

:       2       28

පොඩිඑකා Thursday, 19 June 2025 12:25 PM

ඒ කියන්නෙ ඔහෙල එහෙම කරල නෑ කියල පිලිගන්න එකද අප්පුහාමි? ඒකනෙ ඔහෙලගෙ කාලෙ රට බංකොලොත් උනේ!

:       2       28

ලූට මූස් Thursday, 19 June 2025 12:27 PM

මේකා තුන්වේලට කන්නෙ පුන්නක්කුද?

:       2       28

nipuna Thursday, 19 June 2025 12:28 PM

දැන් ඔය ජාත්‍යන්තරේ ගැන හොඳ දැනුමක් තියෙන පාලකයො කරපු වැඩ වල ප්‍රතිවිපාක නම් අපි තාම විඳිනව හොඳට.

:       2       26

රනේ Thursday, 19 June 2025 12:44 PM

අපිට ප්‍රශ්නය ගැන වැටහීමක් තියෙනවා, හැබැයි මෙයාව නම් තේරෙන්නෙම නෑ...

:       2       21

පම්පොරි ජනක Thursday, 19 June 2025 01:09 PM

කිසිම තේරුමක් නැතිව වල් පල් දොඩන මේ මනුස්සයට මයික් අල්ලන මිනිසුන්ට වාරණයක් දාන්න ඕනේ

:       2       27

idr tharanga Thursday, 19 June 2025 01:20 PM

පුදුම කාලකන්නියෙක්. කට ඇරියොත් රට වැටෙන කතා විතරයි කියන්නෙ. මාස ගාණක ඉදන් බලන් ඉන්නවා රට වැටෙනකම්. තමුන්ගේ ලොක්ක ඔච්චර වැඩ්ඩෙක් නම් ජාත්‍යන්තරේට කතා කරල යුද්දෙ නවත්තනවකො.

:       1       30

කව්ද බෝයි Thursday, 19 June 2025 01:46 PM

වැරදිලා ජාතක උන පුද්ගලයෙක්

:       1       27

සෙනෙවිරත්න Thursday, 19 June 2025 02:35 PM

අනේ මෙහෙම මනිහෙක්, ඔය ලොක්කගෙ කෙරුවාවල් අපි දිනපතා අලුත්කඩේ උසාවියෙදි දකිනව.

:       1       21

කිරු Thursday, 19 June 2025 03:34 PM

අනේ යන්න. ඔයා මෙච්චර කල් එකතුවෙලා කරලා තියන ටීක එළියට එන්නේ...

:       1       15

ගමේ එකාලා Thursday, 19 June 2025 03:55 PM

තමුන් කියන කතාවලට අපිට දෙකොනින්ම හිනා යනවා. වැල් පාලමෙන් එගොඩ වෙලා 2048 දී රට සන්වර්දනේ වෙනකම් බලාගෙන ඉන්න කිව්වෙත් තමුන්ගේ මහදැනමුත්තා?

:       1       17

බරණ ගණිතයා Thursday, 19 June 2025 04:11 PM

ජාත්‍යන්තරේ කෙසේ වෙතත්, මුන්දැගේ ජාතකේ නම් අවුල් බොලව්...!

:       1       19

chandima Thursday, 19 June 2025 07:34 PM

එහෙ ඉන්නේ රනිල්ගේ බාප්පලා කියනවා නේද?

:       1       5

නිහාල් Friday, 20 June 2025 03:42 AM

ඉස්සෙල්ලම මුඛ ආවරණ ගැන අවබෝධයක් අරන් ඉදින්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site