IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ජීවිතේ වැරදුණු එකම ගැහැනිය මම නෙවෙයි

2016-11-27-ent-99

ජනප‍්‍රිය සම්මානනීය නිළි නිල්මිණී තෙන්නකෝන් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට අතරේ ‘‘හිරු මෙගා ස්ටාර්’’ රියැලටි වේදිකාවටත් ගොඩ වැදිලා කියලා ආරංචියි. ඉතින් කලා ජීවිතේ තොරතුරුත් සමඟ ඇයව සඳැල්ල කතාබහකට එකතු කරගන්න අපි හිතුවා. මේ දවස්වල නටනවා කියලා ආරංචියි

 

නටනවා විතරක් නෙමෙයි, සින්දු කියනවා රඟපානවා වැඩ ගොඩයි. කාර්යබහුල ජීවිතේට රියැලිටි වේදිකාවත් එකතු කරගත්තා. මේ පළමු රියැලිටි අද්දැකීමද?

2016-11-27-ent-98නැහැ මීට කලිනුත් රියැලිටි ෂෝ එකක මම හිටියා. ඒක තමයි ලංකාවේ පළමු වරට පටන් ගත්ත රියැලටි ෂෝ එක. ඒකේ හිටියේ සින්දු කියන්න.

 

ඒ කියන්නේ රඟපෑමට අමතරව නටන්න, සින්දු කියන්නත් පුළුවන්.

මොකද බැරි පුංචි කාලේ ඉඳලා සින්දු කියන්න, නටන්න මට පුළුවන්.

 

කලාකාරයෝ කලාකාරිනියෝ ගෙන්නලා නටවන අලූත්ම රියැලිටියට නිල්මිණිටත් යන්න හිතුණේ නැටුවේ නැත්නම් වැඩක් නැහැ කියලා හිතලද?

අනේ නැහැ. මම ගතකරන්නේ ගොඩක් කාර්යබහුල ජීවිතයක්. මේ වැඩෙත් කාර්යබහුලයි. ඒත් කලාකරුවන් සියලූ දෙනාම එකට එකතු වෙලා එකම වේදිකාවක රැුඟුම්, ගැයුම්, වැයුම් සියලූ දේ එක්ක ඉන්න කොට මට ජීවිතේ පුදුමාකාර සජීවී බවක් දැනෙනවා. මම ඒකට ගොඩක් ආසයි. ජීවිතේ අපි ගෙවාගෙන යන හැම වෙලාවකම කලාකරුවන් හැටියට තමන්ට ලැබෙන දේ තමන්ට සුදුසුයි කියලා හිතනවා නම්, එයට වටිනාකමක් එකතු කරන්න පුළුවන් කියලා හිතනව නම්, ඒ දේට කැපකිරීමක් කරන්න පුළුවන් නම් ඒක තමයි කලාකාරිනියක් විදිහට කරන්න පුළුවන් එකම දේ. කාර්යබහුල ජීවිතේ තුළට මේකත් එකතු කරගත්තේ ජීවිතේට අලූත් දෙයක් වගේම වෙනසක් වේවි කියලා හිතලා. මේක තරගයක්. කණ්ඩායමක් එක්ක සාමුහිකව වැඩ කරන්න ඕන. කණ්ඩායමේ නායිකාව විදිහට ඉතින් ගොඩක් මහන්සි වෙනවා ඉදිරියට යන්න. කණ්ඩායමේ නම ‘‘ශාක්‍යන්ස්’’ අපේ කණ්ඩායම හරිම සාමුහිකයි. ඉදිරියටම යන්න අපි ගොඩක් මහන්සි වෙනවා. දැන් සමහර ඔඪ නාලිකා රියැලටි වැඩසටහන්වලට නළුනිළියන් බෙදා ගන්න බැරුව මරාගන්නවා.

 

නිල්මිණිට ආරාධනා ආවේ හිරු එකෙන් විතරද?

තවත් ඔඪ නාලිකාවලින් ආරාධනා ආවා. ඒත් පළමුවෙන්ම ආරාධනා කරපු නාලිකාවට ගිවිසුම් අත්සන් කළා. අනිත් නාලිකාවලත් බොහොම ලස්සනට රියැලිටි වැඩසටහන කරගෙන යනවා දකිනවා. මට මුලින්ම ආරාධනා ආවේ හිරු නාලිකාවෙන් නිසා බොහොම කැමැත්තෙන් හිරු මෙගා ස්ටාර් එකට සහභාගි වුණා.

 

නිල්මිණිට නැටුම් උගන්වන්නේ කවුද?

අපේ නර්ථන ගුරුවරයා රසික, ඔහු දක්ෂයි. මට කොහොමත් නර්ථන හැකියාව තියෙනවා. මම නර්ථනය හදාරලත් තියෙනවා. රසික ලොකු සහයෝගයක් ලබා දෙනවා. ගොඩක් හොඳින් පුහුණුවීම් කටයුතු කරනවා. මම හිතනවා ඕනෑම කෙනෙකුගේ මානසික ආතතියට සංගීතය, නර්ථනය කියන එක හොඳ බෙහෙතක් කියලා.

 

නටනවට අමතරව රංගනය පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ?

අලූත් නාට්‍යකට අකුරැුස්ස පැත්තේ රූගත කිරීම් කරනවා. අඳුරු සෙවනැලි නාට්‍යයෙත් මේ දවස්වල රූගත කිරීම් කරනවා. ඊට අමතරව රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක්ම පෝලිමේ එන්න තියෙනවා.

 

චිත‍්‍රපටිවලින් ඈත් වෙලාද?

නැහැ. මේ දිනවල තිරගත වන හීරෝ නීරෝ චිත‍්‍රපටයටත් රංගනයෙන් දායක වුණා. ඊට අමතරව මම අධ්‍යක්‍ෂණය කරමින් ඉඳපු ටෙලි නාට්‍ය අතරමඟ නතර වෙලා තියෙනවා. නමුත් මේ වැඩ ටික කාර්යබහුලත්වය අඩුවෙලා විවේකයක් ලැබුණ ගමන් මගේ නිර්මාණය අධ්‍යක්‍ෂණය කරනවා. නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ජනප‍්‍රිය සම්මානනීය අති දක්ෂ චරිතාංග නිළියක්. එහෙම කෙනෙක් වෙලත් ඔබ ඇයි අධ්‍යක්‍ෂණයට එන්න හිතුවේ? මට තියෙන අද්දැකීම් එක්ක මම ඉගෙන ගත්ත දේවල් එක්ක මේ නිර්මාණයක් අධ්‍යක්‍ෂණයට සුදුසුම කාලය කියලා විශ්වාස කරනවා. මට මං ගැන විශ්වාසයක් තියෙනවා හොඳ දෙයක් කරන්න පුළුවන් වේවි කියලා. නිර්මාණය වෙන්නේ පුංචි කාලේ මගේ ඇසින් දුටු සිදුවීමක්.

 

නිල්මිණි තෙන්නකෝන් කියන චරිතය නිළියක් විදිහට ඉහළට ජනප‍්‍රියත්වයක් හිමිකරගන්නේ කොතැනින්ද කියලා ඇහුවොත්?

දු දරුවෝ ටෙලි නාට්‍යයේ දීප්ති කියන චරිතයෙන්. ඇත්තටම දීප්ති ඒ කාලේ මගේ නිළි ජීවිතයට අභියෝගයක් ගෙනදුන්නා. බාල, මහලූ, වැඩිහිටි, තරුණ සියලූ දෙනාම මට ආදරේ කළා. එදා දීප්තිගෙන් ලැබුණු අභියෝගය හැම සම්මාන උළෙලකින්ම මාව ජනප‍්‍රිය නිළියක් බවට පත්කරන්න තරම් ආභරණයක් වුණා. මට වාසනාව ගෙනාවේ ¥ දරුවෝ ටෙලි නාට්‍යයේ දීප්ති කියන චරිතය. දීප්ති කියන චරිතයෙන් එක රැුයින් ජනප‍්‍රිය නිළියක් වුණා. සම්මාන ලැබුවා.

 

මේ වගේ ජීවිතේ ගොඩක් දේවල් ලැබෙන කොට එක පැත්තකින් ජීවිතේ සමහර දේවල් ඔබෙන් අතහැරුණා.

ජීවිතේ වැරදුන ලෝකයේ පළමු ගැහැණිය මම නම් මම ගොඩක් දුක් වෙනවා. ඒත් ජීවිතේ වැරදුන ලෝකේ එකම ගැහැණිය මම නොවන නිසා මට අතහැරුණ දේවල් මත්තෙම හැපි හැපී අඬන්නේ නැහැ. මානසික පැත්තෙන්, ආර්ථික පැත්තෙන් දරුවෙක් එක්ක තනියම ජීවිතය ජයගත්ත ගැහැණියක් මම. හැමදේම ජීවිතයේ අනිත්‍යයි. ඒ වගේම තමන්ට සුදුසු නැති දෙයක් ළඟ තියාගන්නවට වැඩිය ඒක ඈත් කරහම හිතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ජීවිතේ අතහැරුණ සමහර දේවල් දරාගන්න අමාරු වුණ අවස්ථා තිබුණා. ඒත් දැන් මට දියණියත් එක්ක ගෙවන ජීවිතේ සැනසිල්ලෙන් පිරිලා. ඒ නිසා ජීවිතේ අතහැරුණු දේවල් ගැන මම තැවෙන්නේ නැහැ.

 

ඔබ කරන ව්‍යාපාරයයි, කලා කටයුතුයි එක්ක දියණිය ස්වේතාගේ වගකීම් පැහැර හැරෙන්නේ නැද්ද?

මොන දේ කරත් ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ දියණියට. ව්‍යාපාර කලා කටයුතුවල දේවල් මඟඇරුණත් ඇගේ යුතුකම් වගකීම් මගේ අතින් කිසිම වෙලාවක මඟ ඇරෙන්නේ නැහැ.

 

දියණිය ස්වේතත් අම්මාගේ අඩිපාරෙම යාවිද?

එයාට ගීත ගායනා කරන්න පුළුවන්. ඒත් මම කැමතියි එයා අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට යනවනම් තමයි. සමහර විට එයා ගායනය පැත්තෙන් යම් දෙයක් කරාවි. හැබැයි එයා නිළියක් වෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයි.

 

දියණියත් එක්ක ගෙවන ජීවිතේම තනිකමක් දැනෙන්නේ නැද්ද?

මට මගේ දියණිය ඉන්න නිසා ජීවිතේ සතුටෙන් ගෙවෙනවා. මට මගේ පවුලේ සහෝදර සහෝදරියෝ ඉන්නවා. මට එක දෙයයි නැති වුණේ. මට කියලා සෙවනැල්ලක් නැති වුණා. ඒ ගැන පොඩි දුකක් තියෙනවා. පාළුව, සාංකාව මට නොදැනෙනවා නෙමෙයි. මමත් ගැහැණියක් නිසා ඒ දේවල් මට දැනෙනවා. නමුත් මම මගේ දියණියට හරිම පරිත්‍යාගශීලි කෙනෙක්. ඒ නිසා මගේ ජීවිතේ තවත් කසාදයකට වැඩිය මගේ දියණියගේ ජීවිතේ වටිනවා. පරිත්‍යාගශීලි මවක් විදිහට ඉදිරියටත් ජීවත් වෙනවා.

 

පොඞ්ඩක් ජනප‍්‍රිය වුණ ගමන් ගොඩක් අය කරන්නේ බියුටි සැලූන් දාන එක නිළියන්ගේ බියුටි සැලූන් රැුල්ලක් වෙලා. ඔබත් රූපලාවන්‍ය ශිල්පිණියක් විදිහට ඒ ගැන මොකද හිතෙන්නේ?

මම රූපලාවන්‍ය පිළිබඳව හොඳ අධ්‍යාපනික හැදෑරීමක් කරලා තමයි බියුටි සැලොන් එක පටන් ගත්තේ. ප‍්‍රංශයේ සහ ඉන්දියාවේ රූපලාවන්‍ය පිළිබඳ ඉගෙන ගත්තා. විශේෂයෙන් කොණ්ඩ කැපීම පිළිබඳ විශේෂ පාඨමාලාවක් හැදෑරුවා වගේම කොණ්ඩ කැපීම පිළිබඳ මට හොඳ හැකියාවක් තියෙනවා. ව්‍යාපාරය දැන් ගොඩක් දියුණු වෙලා තියෙනවා. ලබන වසරේ සිසුන්ට රූපලාවන්‍ය පාඨමාලාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. හතු පිපෙනවා වගේ ජනප‍්‍රියත්වයට බියුටි සැලූන් දැම්මා කියලා අතේ හුරුව දක්ෂතාවය නැත්නම් ඒ දේවල් අතරමඟ බිඳ වැටෙනවා.

 

නදීශා අතුකෝරළ

 

 



අදහස් (0)

ජීවිතේ වැරදුණු එකම ගැහැනිය මම නෙවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site