IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ජලයට කොටුවූ තරුණයෝ දෙකක් බේරා ගැනෙති

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ප්‍රදේශයට ඉකුත් දින කීපය ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමෙන් වික්ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ  මුඩුබිමක කොටුවී සිටි තරුණයන් දෙදෙනකු  පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායමක් එහි ගොස් ඔවුන් බේරා ගෙන තිබේ.

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර සවස 03.00ට පමණ එම තරුණයන් දෙදෙනා අදාල දූපත මැද කොටු වී තිබේ .

ඒ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විසින් දැනුම් දීමෙන් අනතුරුව දළදා මාළිගාව පොලීසියට අනුයුක්ත මහනුවර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යාපා මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් සැරයන් 1721 ජයන්ති , පොලිස් සැරයන් 61265 මංගල , පොලිස් කොස්තාපල් හතයි 73092 ප්‍රේමලාල් , සුවෙච්චා ජීවිතාරක්ෂක නිලධාරී ක්‍රිංශ්නරත්න යන නිලධාරීන් එහි ගොස් විනාඩි 45ක මෙහෙයුමකින් පසු කඹ යොදා ගනිමින් ඔවුන් නිරුපද්‍රිතව ගොඩබිමට ගෙනැවිත් තිබේ .

එසේ බේරාගෙන ඇත්තේ  ගුරුදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ  නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෛදෙනෙකි.

 



අදහස් (0)

ජලයට කොටුවූ තරුණයෝ දෙකක් බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 939 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site