IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජෝර්ජ් කිට්ගේ චිත්‍ර දෙකක් හොරකම් කරලා

ජෝර්ජ් කිට් නම්  සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ  චිත්‍ර දෙකක් රටින් පිට කිරීම වළක්වන ලෙස  කොළඹ කොටුව  මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  ආගමන හා විගමන පාළකට  අද (24) නියම කළේය

 ශ්‍රී ලංකාවේ  විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වන ජෝර්ජ් කිට්ගේ මෙම චිත්‍ර දෙක සොරගෙන ඇත්තේ ජෝන් කීල්ස්  සමාගමෙනි. චිත්‍ර දෙකෙහි වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.

 මව හා දරුවා යන චිත්‍රයද වසන්ති නැමති චිත්‍රයද  ජුලි 12-19  අතර කාලයේදී සොරාගෙන ඇතැයි සමාගම් සේවකයෙක් කොම්පඤ්ඤවීදීය පොලීසියට  පැමිණිළි කැර ඇත.

 සොරකම් කළැයි කියන චිත්‍රයක් බ්‍රිතාන්‍ය පවුම් 35000 (රුපියල් 7140000) කට  ලන්ඩන් වෙන්දෙසියකදී විකුණා ඇතැයි  එම සමාගම පොලීසියට කියා ඇත.



අදහස් (0)

ජෝර්ජ් කිට්ගේ චිත්‍ර දෙකක් හොරකම් කරලා

සත්‍යපාල Thursday, 25 July 2013 04:26 AM

ඩොලර්,වීසා ලැබෙනවා නම් තමන්ගේ පවුලේ අය වුවද පාවා දෙන අපේ අය...? (නි)

:       0       0

අප්පු Wednesday, 24 July 2013 06:57 PM

අම්ම තාත්ත උනත් විකුනන ජාතියක් අපි.(අ)

:       0       0

මාටින් Thursday, 25 July 2013 01:45 PM

මොකද අනේ, චිත්‍රයක් විකුණලා මෙච්චර සල්ලි කන්දරාවක් හම්බ වෙනවා නම් බිත්තියේ එල්ලලා තියෙනවට වැඩිය හොද නැද්ද? පුළුවන් කෙනෙක් ප්‍රයෝජනයක් ගත්තම මොකෝ මං අහන්නේ? මේවා කටුගෙට බාරදෙනවා නම් මම ඉහත දාල තියෙන අදහස් එක්ක එකගයි (නි)

:       0       0

අසංක නන්දසිරි Wednesday, 24 July 2013 06:56 PM

ලන්ඩන් වලදි වෙන්දේසි කරල නම් කොහොමද දැන් ඕව ලංකාවෙන් පිට කිරීම තහනම් කරන්නෙ..(අ)

:       0       0

අසන්ත Thursday, 25 July 2013 08:28 AM

අරයගෙ වැඩක් වෙන්න ඕන ....... රිමාන්ඩ් එකෙන් ඇවිත් හොරකන් කරලා විකුණලා අයෙත් රිමාන්ඩ් එකට ගිහින් ..(අ)

:       0       0

හේමන්ත මල්ලව ආරච්චි Wednesday, 24 July 2013 08:23 PM

මේවාට විරුද්ධව ඉතා දැඩී නීති ක්‍රියත්මක කල යුතුයි (අ)

:       0       0

නිමල් ලලිතා Thursday, 25 July 2013 09:13 AM

මේ වැනි දේවල් වලට දිය යුතු දඬුවම් ගැන කතා කරනවට වඩා මේ රටේ ජාතික සම්පත් ගැන, සිංහලයාගේ අනාගතය ගැන තම ජිවිතයට වඩා ආදරය කරන අවිවාහක යුද වීරයෙක් යුද හමුදාව තුලින් බිහිවෙවා යනුවෙන් පැතීම යෙහෙකි.(නදී)

:       0       0

සෑම් Wednesday, 24 July 2013 08:52 PM

මටත් අහන්න තියෙන්නේ අසංක නන්දසිරි අහපු දේම තමා. (අ)

:       0       0

ජෙරාඩ් Thursday, 25 July 2013 09:24 AM

කන්ගැට්ටා දෙවැනි කොටස.(නදී)

:       0       0

රූපවතී Wednesday, 24 July 2013 09:22 PM

කොහොමද ලන්ඩන් වලට ගියේ? (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 24 July 2013 10:58 PM

අනේ අනෙකවත් බේරගන්න රටෙන් පිට වෙන්න ඉස්සෙල්ලා (නි)

:       0       0

ගුණපාල Wednesday, 24 July 2013 11:26 PM

ඉස්සරත් ඔය වගේ රටේ වටිනා නිර්මාණ හොරකම් කරලා විකුණුවා. ඕවා දැන් රටේ සුළු දේවල්, අහෝ රටකට ගිය කලක්. (නි)

:       0       0

රේනුක Thursday, 25 July 2013 11:44 AM

ලන්ඩන් වලදී අළෙවි කළාට තාම ලංකාවේ තියෙන්නත් පුළුවන්. ඕවා අළෙවි කරන්නේ ඉන්ටෙර්නෙට් හරහා. පස්සේ තමා බෙදාහරින්නේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 25 July 2013 12:56 AM

අශ්වයා පැන්නට පස්සේ ඉස්තාලේ වහමු. අඩු තරමින් අශ්ව වසුරු ටිකවත් ඇතිනේ හොරකම් කරපු අයගේ දරුවන්ට! (නි)

:       0       0

ටිකිරි Thursday, 25 July 2013 12:27 PM

නිමල් ලලිතා,ලංකාව යන ක්‍රමය අනුව සමස්ත ජනතාවගේම එකම ප්‍රාර්තනයත් ඒකම තමා. (නි)

:       0       0

පෙරේරා Thursday, 25 July 2013 01:46 AM

අසංක, පෑම්, අහලා නැද්ද අස්සයා පැනලා ගියාට පස්සේ ස්තාලේ වහනවා කියලා කතාවක්? (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 25 July 2013 02:23 AM

අස්සයා පැනල ගියාට පසුව තමයි ඉස්තාලය වහලා වැඩක් නැහැ (නි)

:       0       0

උපාලි Thursday, 25 July 2013 02:39 AM

ඉස්සර කාලෙත් වටිනා චිත්‍ර දෙකක් ලංකාවේ තැනකින් අතුරුදහන් වුනා කියලා මහා ‘හාහෝවක්‘ ගියා මතකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site