ශ්රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කරන 43 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය මේ මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණයෙන් ද පැවැත්වෙන තරගාවලියට මෙවරත් නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහය හිමිව තිබේ.වයස 12 න් පහළ, 13 න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ (බාලක/බාලිකා) වයස් කාණ්ඩ හතරකින් තරගාවලිය ක‍්‍රියාත්මකවේ. මෙවර තරගාවලියට පාසල් 306 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 3500 කට ආසන්න පිරිසක් සහභාගිවෙති.මේ වන විටත් ක‍්‍රීඩකයන් 1852 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවන් 1543 ක් තරගාවලියට අයැදුම්පත් යොමු කර ඇති බවත්, තවත් පාසල් කිහිපයකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරිපත්වන බව දන්වා ඇති බවත්, පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති උපාලි අමරතුංග මහතා පැවසීය. තරග ඉසව්වලදී නියමිත පරිසාධන මට්ටම ඉක්මවා යන සහය දිවීමේ කණ්ඩායම් සඳහා ද සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. පසුගිය වසරේ මහනුවරදී පැවැති මෙම තරගාවලියේ සමස්ත බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින්ද, සමස්ත බාලිකා ශූරතාව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල විසින්ද දිනා ගන්නා ලදහ.තරගාවලියේ සමාරම්භක උත්සවය විද්‍යා හා තාක්‍ෂණ ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 21 වැනිදා පෙරවරු 8.00 ට පැවැත්වේ. සමාප්ති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා රත්නපුර දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංවර්ධන කමිටුවේ සභාපති ජානක වක්කුඹුර මහතා සහභාගිවේ. කොළඹදී නිමා වු ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් ලාභී ෂිවන්ති කුමාරි රත්නායක සහ දුලාජ් මධුෂංක ද ත්‍යාග ප‍්‍රදානෝත්සව අවස්ථාවට සහභාගිවන බව සංවිධායක කමිටුව පවසයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය 21 දා සිට ඇඹිලිපිටිය මහවැලි ක‍්‍රීඩාංගණයේදී
ජූඩ් Wednesday, 20 June 2012 03:09 AM
මගෙ පුතත් යනවා.. හැමෝටම ජය...!!