IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජෝනා ජෝන්ස් රග්බි තරගාවලියේදී නාලන්දා විදුහලට අනුශූරතා දෙකක්

මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ පැවති 2011 ”ජෝනා ජෝන්ස්” ජාත්‍යන්තර සත් සාමාජික රග්බි තරගාවලියේදී කොළඹ නාලන්දා විද්‍යාල රිදී කණ්ඩායම බඳුන කාණ්ඩයේ අනුශූරතාවයද, එම විදුහලේ සුලෝහිත කණ්ඩායම ”පළග” කාණ්ඩයේ අනුශූරතාවද හිමිකර ගත්තේය. මෙම තරගාවලිය සඳහා මලයාසියාව, හොංකොං, සිංගප්පූරුව, චීන, තායිපේ, පිළිපීනය, හොන්ඩුරාස්, පීජි දුපත් සහ ශ්‍රී ලංකාව යන රටවල් 8ක කණ්ඩායම් 16ක් සහභාගි වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයෙන් රිදී සහ සුලෝහිත යන කණ්ඩායම් දෙකක් ඊට සහභාගි වූහ. අසංක මදුරංගේ නායකත්වයෙන් යුත් රිදී කණ්ඩායමට නුවංග ලක්ෂාන්, චතුර රන්දිත, චමුක නලින්ද, සඳුන්නෙත් වීරසිංහ, දිලීප් ශා්‍යාමන්ත, බෝදන ජීවන්ත, අංජන ජයෝධ, ඉසුරු ප‍්‍රසාද්, නිමේෂ් නෙත්මල්, යශෝද ප‍්‍රනාන්දු, චේතිය කවිඳු ඇතුළත් වූහ. සුලෝහිත කණ්ඩායමේ නායකත්වය එස්.යූ. දිගල්ල විසින් දැරූ අතර කසුන් ජයන්ත, නඳුන් ඩයස්, හිරන්ත සිරි කුමාර, විකුම් ප‍්‍රනාන්දු, චලන දේශාන්, තනුර ගෙවින්, පසිඳු මහසෙන්, අඛිල අපලේ, තිලින අනුරාධ, දුලාජ් තාරක, අචිර සමරනායක සහ දුලක්ෂිත මාරසිංහ ඇතුළත්වූහ. ප‍්‍රධාන පුහුණුකරු ලෙස චින්තක මිලින්ද ද, සහයක පුහුණුකරු ලෙස සුරංග අරුණ ශාන්ත සහ කණ්ඩායම බාර බලධාරීන් ලෙස නිරෝෂ් පෙරේරා සහ රනිල් ගුණසේකර යන මහත්වරුද සංචාරයට එක් වූහ.



අදහස් (0)

ජෝනා ජෝන්ස් රග්බි තරගාවලියේදී නාලන්දා විදුහලට අනුශූරතා දෙකක්

රනිල් වීරසිංහ Friday, 16 December 2011 01:53 PM

සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site