(සුජිත් හේවාජුලිගේ)
දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රජය නීති අංශවලින් ද දැනටමත් කරුණු විමසා ඇත.
ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීම එම පනතේ වගන්ති ප්‍රකාරව නීති විරෝධී බව නීති අංශ සඳහන් කරයි.
දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන
දලුවගෙදර Monday, 11 August 2025 11:21 AM
සභාව නිශ්සබ්දයි!
Perera Monday, 11 August 2025 12:10 PM
අසරණ මිනිස්සුන්ට ලෙඩ රෝග වලට අවශ්‍ය මුදල් නොදී මොවුන් හොඳ හැටි හිතේ හැටියට අරන්...
pakeer Monday, 11 August 2025 12:22 PM
නියමයි... මෙහෙම කරගෙන යමු... බඩු මිල මහළ දැම්මේ නැතිවට කමක් නෑ. රටේ නීතිය හරියට ක්‍රියාවට නැගුණාම... නිකන්ම බඩු මිල බහීවි...
Ranilde Monday, 11 August 2025 01:47 PM
අසුචි පරීක්ෂාවකට ලක්කර, මේ දූ පුතුන්ගේ (හොරාකන) සහ සාමාන්‍ය ජනතාවගේ අසුචි අතර වෙනස හිටපූ ජනපති වරුන් වෙත යැවිය යුතුයි.