(අංජුල මහික වීරරත්න)
ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය.
අදියර තුනකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරිම් සිදු කර තිබෙන බව කී ජනාධිපතිවරයා තව විශාල ලෙස විසදිය යුතු ප්‍රශ්න තිබෙන බව කීය.
" අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් අදාළ බඳවා ගැනීම් සිදු කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ මඩකලපුව වෙබර් ක්‍රිඩාංගණයේ අද (20) පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙරුවොත් කරන්නේ ගොං වැඩක්, කිව්වොත් කියන්නේ ගොන් කතාවක් !
තමන්ට ඡන්දෙ දුන්නු මිනිස්සු හිරේ දාන්න බදු පනත අපරාධ පණතක් කරලා ඒ සල්ලි නිකන් නාස්ති කරනවා...
කාර්ය සාධනය අගය කිරීමෙන් පසු පඩි වැඩි කරන්න හොඳ සේවයක් සපයන අයට පමණක්....
ඔය කියන්නේ 2025 චක්‍ර ලේඛනයට අනුව අවුරුදු 3 ක් (2025,2026,2027) ඇතුළත වැඩිවීමේ අවසාන අදියරේ වැටුප් වැඩිවීම වන රුපියල් තුන්දාහස් හත්සීය ගාණනද? නැත්නම් ඊට අමතරව වැඩිවීමක් ද හෝ සුපුරුදු පරිදි ඡන්ද රැස්වීමකදී කර කරන සුපුරුදු කතාවක්ද? කෙසේ වෙතත් අද රටේ සැබෑ ජීවන වියදමේ වැඩිවීම අනුව නම් තව රුපියල් 20,000ක් වත් වැඩිවිය යුතුයි.
අනේ අපිට වැඩි වැටුප් එපා. ඔබතුමාගේ කෙලවරක් නැති බොරුකීම නවත්වනවා නම් හොඳටම ඇති...
එහෙනම් ඉතින් බඩු බනිස් තමයි.. මෙයා කියපු දෙයක් ඉටු නොකර හිටියේ නැහැ නොවැ...
පාලනය, රාජ්‍ය පාලනය සහ ජාත්‍යන්තර ව්‍යාපාර මෙන්ම ආර්ථිකය පිළිබඳ ශුන්‍ය දැනුමක් ඇති මිනිසෙක් රට විනාශ කරමින් සිටින අතරම බදු ගෙවන්නාට බරක් එක් කරයි...
පචෝරිස්ගේ තවත් එක උප්පරවැට්ටියක්...
මේක අලුත් වැඩිවීමක් නෙමෙයි මහත්තයො. ඕගොල්ලො ගිය අවුරුද්දේ දුන්නු වැඩිවීමේ තාමත් ඉතුරු වෙලා තියෙන කොටස.