ශ්‍රීදේවිගේ හා බොනී කපුර්ගේ දියණිය ජාන්වී කපුර් බොලිවුඞ් පුරවරයට පා තබන්නට නියමිතව සිටින බැව් හෙලිවූ මොහොතේ සිටම ඒ කාගේ, කුමන චිත‍්‍රපටියක් තුලින්දැයි දැන ගැනීමේ වුවමනාව සියලූ දෙනා තුළම ඇති වූයේය. ඒ පිළිබඳ නොයෙක් කටකතාද පැතිරිණි. කරන් ජොහාර්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2 තුළින් ඇය දොරට වඩින බවට සමහරු අනාවැකි පළ කළහ. සමහරු ඒවා පිළිගත්තේ නැත.
එහෙත් දැන් ජාන්වී තිරයට හාපුරා කියා පා තබන්නේ කරන් ජොහාර්ගේම චිත‍්‍රපටියක් තුලින් බැව් ජාන්වීගේ පියා බොනී කපුර් ස්ථිර කර තිබේ. ‘‘ඔව්... අපේ දුව තිරයට ගේන්නෙ කරන් ජෝහාර් තමයි. ඒත් චිත‍්‍රපටිය මොකක්ද කියලා හරියටම කියන්න පුළුවන්කමක් නෑ. මේ මෑතකදී කරන් ජෝහාර් සයිරාත් චිත‍්‍රපටය නැවත නිර්මාණය කරන්නට අවසර ගත්තා. සමහර විට ඒ චිත‍්‍රපටය ජාන්වී වෙනුවෙන් වෙන්න පුළුවන්. ඇත්තටම ජාන්වී පෙනුමෙන් ඇගේ අම්මා ශ්‍රීදේවි වගේමයි. ඇයගේ තෝරා ගැනීම් වගේම වෘත්තිය ගැන හැඟීමත් අම්මටම සමානයි. ඇත්තටම තරු දරුවන්ට කේෂත‍්‍රයේ තැනකට එන එක අසීරුවක් නෙමෙයි. ඒත් ඔවුන් ඔවුන්ගේ මව්පියන්ගේ මිම්මෙන් මනින්න යාම නම් සුදුසු දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ... ජාන්වීයි ශ්‍රී දේවියි පෙනුමෙන් ගතිගුණවලින් එකිනෙකාට සමාන වුණාට රඟපෑම්වලින් කොහොම වෙයිද දන්නෙ නෑනෙ. ඒ හින්දා මම කැමැතියි ඒ දෙන්නා සන්සන්දනය නොකරනවා නම්’’ බොනී කපුර් පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජාන්වීගේ සිනමා ගමනය