
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු මහත්ම මහත්මීන් ප්‍රමුඛ ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්තිකයන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වීමට නියමිතව තිබේ.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු ද සහභාගී වෙති.
ජනාධිපතිවරයා ලබන 17 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති හෙට ඉන්දියාවට
යෝගා Saturday, 14 December 2024 11:33 AM
සීයාවත් එකඟ වුනේ නැති, උතුරට ඉඩම්, පොලිස් බලතල පූර්ණ වශයෙන් දෙන්න පොරොන්දු වෙලා එයි. එතකොට තමයි පුනරුදය හරියටම පටන් ගන්නේ...!
ABSaturday, 14 December 2024 04:45 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරය තුළ ඉන්දියාව සමග සකච්ඡා වලදී ලංකාව ඉන්දියාවේ කොළනියක් වීමට අවශ්‍ය පසුබිම සකස් නොකළ යුතුවේ. ලංකාව පෘතුගීසින්, ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යට පාවා දෙනු ලැබුවේ ශ්‍රී ලාංකිකයන් විසිනි. ඉන්දියාවට යාමට පෙර මල්වතු නාහිමියන් සහ කාදිනල්තුමන් මුණ ගැසීම අවැදගත්වේ. එයට හේතුව නම් මල්වතු නාහිමියන් සහ කාදිනල්තුමන් ලංකාව සහ ඉන්දියාව අතර දුම්රිය හෝ මහා මාර්ගයක් තැනීමට එකග නොවීම වේ. එම දෙපලගේ මතය ඉතාම වැදගත්වේ. එය රටේ ඇති බහුතරයකගේ ද මතය වේ. ලංකාව සහ ඉන්දියාව අතර දුම්රිය හෝ මහා මාර්ගයක් ඇතිවීම තුළ, ලංකාවට ඉන්දියාවේ දැඩි බලපෑම නිසා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හකුලා ගැනීමට සිදුවනු ඇත. ඉන්දියාවේ අඩුමුදලට ශ්‍රමිකයින් සහ ඉන්දියානු නිෂ්පාදන ලංකාව වෙළෙඳපල විසින් ආක්‍රමණය කරනු ඇත. එය ලංකාවේ ශ්‍රමිකයින් සහ ලංකාවේ නිෂ්පාදන කඩාවැටීම සිදුවනු ඇත. සමුර්ධිය හෝ අස්වැසුම් නියත වශයෙන්ම වැඩිවනු ඇත. ඉන්දියාව කොපමණ දියුණු බව කීවද මිලියන ගණනක් ඉතාම දුක්කිත ජීවිත ගත කරයි. ලංකාව සහ ඉන්දියාව සමකළ නොහැකිය...
Kazi Shajahan Saturday, 14 December 2024 02:14 PM
කාර් එකේ දොර ඇරලා දෙනකන් ඉන්න. ලංකාවේ වගේ නෙවෙයි. පච වෙන්න එපා වැඩි දේවල් කරලා...
Roshan Saturday, 14 December 2024 02:53 PM
හාල් ගේන්න යනවා ඇති මං හිතන්නේ...!
pj Saturday, 14 December 2024 03:46 PM
කිව්වේ නම් තානාපතිලා මහ කොමසාරිස්වරු ඉන්නේ ඕවාට කියලා...
AB Saturday, 14 December 2024 04:46 PM
ලංකාව සහ ඉන්දියාව සමකල නොහැක. මේවනවිට ලෝකයේ දියුණු රටවල ඉන්දියානුවන් විසින් සිදුකරන්නා වූ දේශපාලන සහ වෙනත් දූෂිත ක්‍රියාවන් සහ අක්‍රමිකත්වයන් නිසා එම රටවල පුරවැසියන් පවතින ආණ්ඩුවලට දැඩි බලපෑම් කරමින් සිටියි. ඉන්දියාවේ දේශපාලන ගැටුම් ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව වැනි රටවලටද මේ වනවිට වියපත්ව ඇත. රටවල් අතර රාජතාන්ට්‍රික අර්බුද මතුව ඇත. එම රටවල පදිංචි ඉන්දියානුවන් පිට කිරීමට එම රටවල් මේ වනවිට නව නීති සම්පාදනය කරමින් සිටියි. ඉන්දියාව අතර දුම්රිය හෝ මහා මාර්ගයක් තැනීමට යනු ලංකාවට වාසියක් නොව අවාසි සහගත තත්වයන්ට සහ මුහුණ දීමට සිදුවනු ඇත. ඉන්දියාව විසින් කාලයක් ධාවනයේ යොදවන ලද ඉන්දියාවෙන් නොමිලයේ ලබාදී තිබෙන්නා වූ දුම්රිය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීම සදහා ලංකාවට විශාල මුදලක් වැයවනු ඇත. නොමිලයේ ලබාදී තිබෙන්නා වූ දුම්රියෙන් ලංකාවට වඩා වාසි සහගත වන්නේ ඉන්දියාවට වේ. විදේශීය රටවල් විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටක් සමග ගනුදෙනු කිරීමේදී බුද්ධිමත් නොවුණහොත් පාඩුව සිදුවන්නේ ලංකාවට වේ. කුමන සාකච්ඡා සිදු වුවද ඉන්දියාව සමග රාජතාන්ත්‍රික මතබේද / ගැටුම ඇතිකර ගැනීම සුදුසු නොවේ.
Roni Saturday, 14 December 2024 10:17 PM
ඉඩම්, පොලිස් බලතල දීලා... පන්සල් ටිකත් අයින් කරලා ලංකාව පාවලා දෙන්න එපා. දැනටමත් කෑම්ප් ටික අකුලගෙන ඉවරයි.
prasanna Sunday, 15 December 2024 12:35 PM
ගියාට කමක් නැහැ... ඉන්දියාවට ගිහිල්ලා පච නම් කියන්න එපා. කට පරිස්සම් කරන් ආපහු එන්න. හාල් නැති වුණාට කමක් නැහැ.