IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපති රටින් යයි

(ටී.කේ.ජී.කපිල සහ විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.

ජනාධිපතිවරයා,ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් තිබේ.

මොවුන් සිව් දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ලියකියවිලි , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත , ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙන විත් අනුමත කර ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.45 ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ .

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම 3 ට පමණ මාලදිවයිනේ මලේ අගනුවරට පැමිණි බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

 



අදහස් (11)

ජනපති රටින් යයි

naleen Wednesday, 13 July 2022 07:42 AM

අද සිට ආරම්භ වන්නේ මීළඟ ජනාධිපති වීම සඳහා පැවැත්වෙන මහා බලු පොරයටයි...

:       0       0

priyamal Wednesday, 13 July 2022 08:12 AM

අරගල කරුවන්, සියලු දේශපාලන පක්ෂ නව ආණ්ඩුවට එකතු කර ගත යුතුය. ඔවුන්ට ඇමති කම් ලබා ගත යුතුය. මේ සිදුවන සියල්ලට ඔවුන් වගකිවයුතු සහ පිළිතුරු දිය යුතුය. ඔවුන්ගේ සෑම වචනයකටම ඔවුන් වගකිය යුතුය.

:       0       0

Achala Perera Wednesday, 13 July 2022 08:34 AM

ගෝටා අපේ වීරයා. අපි ඔහු වෙනුවෙන් අපේ මරණය දක්වා සටන් කරන්නෙමු.

:       0       0

Sunil Wednesday, 13 July 2022 09:22 AM

වසර 2 1/2 වැනි සුළු කාලයකදී හොඳින් තිබූ රටක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා යන්නේ. පවුල්වාදයේ සහ නොහැකියාවේ ප්‍රතිඵල...

:       0       0

සිල්වා Wednesday, 13 July 2022 09:45 AM

හා... මුස්ලිම් මළසිරුරු මාලදිවයිනට යවන්න තැත් කළ ජනාධිපතිට වෙච්ච දෙයක්. අනේ ඔහුම මාලදිවයිනට යන්න ගියා.

:       0       0

Prasheen Wednesday, 13 July 2022 09:47 AM

හරි තීරණ හරි වෙලාවට ගත්ත නම් නම්බු පිට යන්න තිබුනා..

:       0       0

මැක්ස් Wednesday, 13 July 2022 09:48 AM

වෛරයෙන් වියරැ වැටී සිටින ලේ මාපිලුන් පිරිසක් හමුවේ වෙන මොනවා කරන්න ද? තෙරැවන් සරණයි.

:       0       0

Mf Wednesday, 13 July 2022 10:12 AM

ජනාධිපතිවරයා රටින් පනී..!

:       0       0

shiha Wednesday, 13 July 2022 11:09 AM

මේ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත යුතුයි..

:       0       0

දාස Wednesday, 13 July 2022 11:33 AM

කතෘ තුමා මේ යෝදය රටින් පැනගියා කිව්ව නම් නේද උචිත

:       0       0

Soma dubayi Wednesday, 13 July 2022 11:52 AM

අපේ හදවතේ ජනාධිපතිතුමා හැමදාම ඔබතුමායි, අපේ රට දියුණු කරන්න මේ කුමන්ත්‍රණකාරයෝ ඔබතුමාට ඉඩ දුන්නේ නෑ එහෙත් ලඟදිම නැවතත් රාජපක්ෂ පාලනයක් යටතේ රට ගොඩ ගමු,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site