IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්  (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය.

එසේම  “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්  (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (3)

ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති

chandima Friday, 29 September 2023 06:17 PM

අනේ කට්ටියම ගිය ගුවන් ගාස්තුත්, හෝටල් ගාස්තුත් පියවාගන්න තරමින් වත් ආධාරයක් ලැබුණොත්..? නැතිනම් ඒ බරත් රටේ අහිංසක මිනිස්සුන්ටමයි..

:       0       2

චන්දිම Friday, 29 September 2023 06:29 PM

“බ'ලින් ග්ලෝබල්” සමුළුව කිව්වාට නිවුස් වල මම දැක්කේ නම් පොඩි ශාලාවක අප්‍රිකානු සම්භවයක් තියෙන තරුණියක් විසින් රනිල් මහත්තයාව හඳුන්වා දීලා ඔහුට ආරම්භක දේශනය කරන්න කියලා තවත් පොඩි පහේ විහිළුවකුත් කරලා කරපු ආරාධනාවක්. ඕකටද මේ තව කට්ටියකුත් එක්ක ගියේ? රාජ්‍ය නායකයෝ නම් පේන්න හිටියේ නැහැ සාමාන්‍ය මිනිස්සු ටික දෙනෙක් හැරෙන්න. මෙහෙමනේ දැන් ලංකාවේ වගේ රටක නායකයෙක් ඒ රටකට ගියාම රාජ්‍ය නායකයා පොඩි වෙලාවකට විනාඩි ගාණකට පුද්ගලිකව හමුවෙන්න පින්තූරයක් ගහ ගන්න එහෙම පුළුවන්... අනිත් කට්ටිය ගිහින් කරලා තියෙන්නේ මොනවද? ඒ ගොල්ලෝ ගිහින් කතාකරපු දේවල්වලින් රටට ඉස්සරහට ලැබෙන සැබෑ ප්‍රතිලාභයක් තියෙනවාද? දැනටමත් කීයක් ඔය වගේ ගමන් බිමන් මේ අලුත බලයට ආවාට පස්සේ මේ ගොල්ලෝ ගියා ආවාද? ඇත්තටම රටට වැඩක් වෙනවාද? මේ සවාරිවලට කීයක් වියදම් යනවාද? රටේ බුද්ධිමත් පිරිසගේ පඩිත් බදුවලට කපාගෙන පොඩ්ඩක් වත් ඒ මිනිස්සුන්ට සහනයක් නොදී හූරාගන්න ජාතික ධනය කාටවත් බොරු සවාරි ගහන්න දෙන්න පුළුවන්ද? දැන් ඔහේ බලන් හිටියා හොඳටම ඇති. රටේ බුද්ධිමතුන් මේ ගැන ප්‍රශ්න කළ යුතුයි. මේ වියදම් ගැන පුළුල් සංවාදයක් කළ යුතුයි. නැත්නම් දිගටම මේවා වේවි...!

:       0       2

සල්ලි Saturday, 30 September 2023 09:22 AM

ජර්මානු චාන්සලර්, තමන්ගේ රටේ මිනිස්සුන්ගේ හද ගැස්ම තේරුම් ගත්තු මනුස්සයෙක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site