
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.
උන්වහන්සේ වැඩ වසන මීරිගම, මිණිඔළුව, ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත අද (15) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මහානා හිමි බැහැදැක සුව දුක් විමසීය.
මහා නා හිමියෝ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය ආශිර්වාදය පළ කළහ.
ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, චමින්ද ලලිත් කුමාර , මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමින් මහින්දලාල් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd