IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපති බස්නාහිර පොලිස් ලොක්කන් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් හමුවේ පැවසීය.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා සහ බස්නාහිර පොලිස් ප්‍රධානීන් අතර හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවත්විණි.

නීතියේ විධානයේ ආධිපත්‍ය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (5)

ජනපති බස්නාහිර පොලිස් ලොක්කන් කැඳවයි

රම්බොඩ Tuesday, 18 March 2025 02:49 PM

එක ආණ්ඩුවකින් අපරාධ මර්දනය කළාම ඊළඟ ආණ්ඩුව ඇවිත් එම නිලධාරීන් පෝරකයට නොයවන විදිහ ජාතික ප්‍රතිත්ති සහ නීති සම්පාදනය විය යුතුයි යුතුයි. නැත්නම් නිලධාරීන් බයයි රාජකාරි කරන්න. මේ ආණ්ඩුව කරන දේවල් පේනවනෙ

:       9       61

Kawindu Tuesday, 18 March 2025 02:59 PM

හොඳටම සැර කරන්න වගේ යන්නේ. මේසෙටත් ගහයිද දන්නේ නෑ!

:       12       64

හසක Tuesday, 18 March 2025 03:59 PM

රම්බොඩ ඒ කතාව ඇත්ත! රවීට, ශානිට, නිශාන්තට වගේ නේද ...!! ඩග්ලස් නිමල් මතකද? එතකොට සරත් ෆොන්සේකා? දැන් කතාවෙන රෝහිත ප්‍රියදර්ශන?

:       42       15

අපිට තාම අමතක නෑTuesday, 18 March 2025 11:00 PM

ශානි නම් රංජා කියන පහත් දේශපාලුවා එක්ක විනිසුරුවරියන්ට බලපෑම් කරලා, වලං හෝදන්න ගිහින් කියපු කතා තාම රෙකෝඩින් තියෙනවා. රවී නම් පාස්කු ප්‍රහාර පිලිබඳ බුද්ධි වාර්ථා බලන්නෙ නැතුව ලියුම මේසෙ උඩ තියාගෙන ඉඳලා 300ක් මරු කටට යැව්වා

:       4       1

මහින්ද පතිරණ Wednesday, 19 March 2025 09:54 AM

ආණ්ඩුවල ප්‍රචාර දේව භාෂිත වගේ පිලිගන්න එකත් හරි දක්ෂකමක්.ඒ දක්ෂයො ඉස්සර 69 ලක්ෂයයි, දැන් ලක්ෂ තුනක් අවට. ලංකාව දියුණුවෙනවා පේනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site