
(අංජුල මහික වීරරත්න)
කොළඹ, කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය මුල් කරගෙන අගනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව වාර්ෂිකව සිදු කරන 26 වන පිණ්ඩපාත චාරිකාව පැවැත්වුණු අතර එම පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලයට වැඩම කළ අවස්ථාවේදී මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූහ.
දිවයින පුරා දුෂ්කර ප්‍රදේශ වල පිහිටා ඇති පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සුබසාධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් වාර්ෂිකව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කෙරේ.
මෙවරද සියක් නමක් මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ නිරත වූ අතර, කොළඹ කොටුව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන රැසක කාර්ය මණ්ඩලය මග දෙපස රැස්ව මහා සංඝරත්නයට පිරිකර පූජා කළහ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ජනාධිපති අතිරේක ලේකම් (දූෂණ විරෝධී හා විශේෂ) කේ. එම්. එන්. කුමාරසිංහ සහ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයද මෙම පිරිකර පූජා කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd