
(අංජුල මහික වීරරත්න)
අයවැයෙන් මුදල් වෙන්කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.
තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද ජනාධිපතිවරයා සදහන් කළේය.
පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා මේ වනවිට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවද පැවසීය.
තම රජය වැඩකර රටට පෙන්වා දුන් බවත් විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
COMMENTS
භාවිතාවට අනුව, කෙසේ විශ්වාස කරම්ද?
මුලු ලොවම දන්නවා දැන් ලංකාවේ තත්වය ගැන ඔබ තුමා තනියම මේ රට ගොඩදාගත්තා. ජනපතිවරණයට එන්න අනිවාර්යෙන් ඔබතුමා ජයගන්නවා
අවුරුදු දෙකට ඩොලර් බිලියන 4 තව ණය අරගෙන, ගෙවාගන්න ආපු ණය සතයක්වත් ගෙවන්නේ නැතුව මෙයා කියනවා දුෂ්කර කාලයක් ගෙවා දමනවාලු.. මුන් ඔක්කෝම හිතාගෙන ඉන්නේ අපිට කිසි දෙයක් තේරේන්නේ නැ කියලා.. මේ ආර්ථික ප්‍රශ්න ඔක්කෝම අස්සේ මේ කෝටි 875 ක් ජනපති වැය ශිර්ෂයට වෙන්කරගත්තා පිස්සුවේ තරම පේනවා
පාර්ලිමේන්තුවේ දී ඕක පරාජය වෙනවා. පහ හය වෙනවා. වික්‍රමසිංහ කියනවා ජනාධිපතිවරණය පවත්වන්න කියලා. ගොට්ටෙක් උසාවි ගිහින් කියනවා ජනාධිපතිවරණය නීතිවිරෝධී කියලා. අධිකරණය ඒක පිළිගන්නවා. වික්‍රමසිංහ කියනවා අධිකරණයට පිටින් යන්න බැහැ කියලා
අගමැති වෙද්දී කරනවා කියපු පච දැන් ආයෙත් කියව කියවා යනවා.මහ නගර සංවර්ධනයට කියලා ඇමතිලා පත් කරලා අමාත්‍යංශ හදලා නාස්තිකරපු සල්ලි කන්දරාව කියලා වැඩක් නැහැ .මේ වතාවෙත් ඒ බයිලෙමනේ කියන්නේ ?
තමුන් නිතරම සෙවල හැලුවට. මේ සේරම මුදල් රටේ. මුදල් තමන් ට අයිතිය තිබෙන්නෙ තමන් නායකය නිසා. ඔය නායක කමනම් සත පහකට වැඩක් නැහැ. පුලුවන් කම්ක් තිබුනානම් ඔය මුදලුත් හොරා කාලා කියනවා සල්ලි නැහැ කියලා. නාකි මයිනා උෆ්හ්ව් කෙරුවේ හොරුන් ආරාක්ෂා කරන නිසා. පින්ගුත්තර පුත්තුන්ට. රස්සාවල් නැහැ ඒකනේ මයිනා හොරාකන්නෙ. දුශ්කර ක්‍රියා කෙරුවේ. ජනතාව මිසක් ගොබ්බ රැල නෙමේ. අසරණ මිනිස්සු කීදාහක් මැරුණද පොලිම් වල බෙහෙත් වලින්. විදුලියෙන්. අසරණ දරුවෝ තවමත් දුක් විදිනවා. නාකියා ඉල්ලා අස්බ්වෙන්නෙ නැතිව හිරේ යන්න බයට. රජ වෙන්න හදනවා. රටේ සම්පත් හොරා කාලා විකුනලා. ගොබ්බයෝ ෆ්හැන් කියනවා ඉතිරි අවෘදු පහෙන් මේ නාකියා රට සුරංගනා ලෝකයක් කරනවලු. පිස්සන් කොටුවේ ඉන්න අයබ්වගෙ කතාව
මම හැමදාම කියන දෙයක් තමයි පිස්සෙක්ව එලවලා අපි ගෙනාවේ උම්මත්තකයෙක් කියලා. ඒක පහුගිය දවස්වල හොදටම පැහැදිලි උනා.
අනේ පිනෝ, ජනාධිපති වරනය නවත්වන්න අදින්න පුලුවන් අංචි ඔක්කොම ඇදලා, වැරදුනා ම කපන්න බැරි අත ඉඹිනවා. කොහොමත් තමුසේ අයිති දේශපාලන කුණු කූඩයට.
ඒකත් බලමුකෝ 22 කේ මොනවද තියෙන්නේ කියලා
තමුන්ගේ ආසනයෙනුත් පැරදුනු කිසිම ජනවරමක් ,ජන ප්‍රසාදයක් නැති දූෂිත පවුල් පාලනේ උන්ව රකින , එකම ගැළවුම් කාරයා පින් ජනපතියා .ජනතාවගේ පරමාදිත්‍යට ගරු කර චන්දේ පැවැත්විය යුතුමයි .මොන උප්පරවැට්ටි යක් දැම්මත් වැඩක් වෙන එකක් නැහැ.