
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ලබන 21 රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.
ඔහුගේ එම ප්‍රකාශයෙන් මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව පෙනී යන්නේ යැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනපතිගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවයි.
එම පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කර තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරම ප්‍රදේශයේ ජනරැලියකදී පැවසීය.
ජාතික ජන බලවේගයෙන් පිට පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීමේදී දහ වතාවකටත් වඩා විමසා බලන්නට සිදුවන බවත් ඊට හේතුව ඔවුන්ගේ ඉතිහාසය පිරිසිදු නැති නිසා බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කීවේය.
COMMENTS
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. මොකද පසුගිය ආණ්ඩු ජනතාවට කරපු හරිය අපිට මතකයි නේද...?
කතාව නම් ඇත්ත, සත පහ අතේ නැතිව ඇවිල්ලා අද කෝටිපතියෝ, තිත්ත ඇත්ත එය නොවේද?
විපක්ෂයේ පදයට නටන රනිල්ගේ නිවට ඡන්ද කොමිසමට, ජනාධිපතිවරයා කිව්ව ඇත්ත කතාවට බොහොම රිදිලා වගේ පෙනෙනවා. ඔයාලා කොතරම් දැඟලුවත් ජනමතය වෙනස් කරන්න බැරි බව මතක තියා ගන්න..
තඹුත්තේගම ලපයාට අනිත් පක්ෂවල ප්‍රාදේශීය සභාවකට බෝක්කුවක් හදන්න සල්ලි පාස් කරන්න 10 පාරක් හිතන්න වුණාට, ඉන්දියාවේ මෝදිට ලංකාවම හිස්කොල වලට අත්සන් කරලා පාවලා දෙන්නනම් දෙපාරක් හිතන්න ඕනෑ වුණේ නැහැ...
දැන් සමහරු දාන අදහස් බැලුවාම තදබල වෛරයකින් කෝපයකින් අපහාසාත්මකව ප්‍රකාශ නිකුත් කරන බව පේනවා. මේක රටේ බහුතර මතය නොවන බව අපි නම් දන්නවා... මොකද මේක රටේ ජනාධිපති තුමාට තියෙන ජනප්‍රසාදය ඉවසගන්න බැරි කීපදෙනෙකුගේ අදහස්. මොනවා කීවත් නැවතත් ඉතිහාසගත ජයක් ලබනවා...
වලව්වේ හාමුලාට කඹුරලා ඉඳුල්කාපු අයට තඹුත්තේගම මිනිහෙක් රටේ ජනාධිපති වෙච්චි එක ඉවසන්න බැරිවෙච්චි එකයි මේ. එහෙම අය දෙතුන් දෙනෙක් හිටියාට රටේ බහුතරයක් ජනාධිපතිතුමාට ආදරෙයි.
පැය ගාණක කතාවක පුංචි කොටසක් වරදින්න පුළුවන්. ඒක අල්ලගෙන නටනවට වඩා, වැඩ නැද්ද හලෝ කරන්න?
බුරන බල්ලා කලාතුරකින් සපා කයි