( අංජුල මහික වීරරත්න )
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීම අරඹා ඇති බව එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අද (28) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම, මෙම දෝෂාභියෝගය අත්සන් කිරීමට මුලික හේතුව බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලියගහ මැඳුරේ දී අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයට අත්සන් ගැනීම අරඹයි
d.upul Sunday, 28 October 2018 09:55 AM
ඇත්තටම මෙවැනි ජනපතිවරු හරිම භයානකයි.
රංග ප්‍රියංකරSunday, 28 October 2018 10:21 AM
ඔබ හරියටම හරි. දේශපාලනය කුමක් උවත් මෙවැනි නිවට මිනිසුන් හැකි ඉක්මනින් තුරන් කළ යුතුය. පසුගිය මාස කිහිපය පුරාම මොවුන් චිත්‍ර පටියක් රූගත කළා. එය පසුගිය දා එළි දැක් වූවා. අපේ මුදලින් මෙවැනි නාඩගම් රගපාන මිනිසුන් ගැන හරිම කණගාටුයි. රට වැරදි මාවතක යන්න ගියා තමයි. නමුත් එය නිවරදි කළේ වැරදි විදිහටයි. ලෝකයා අපට හිනා වෙනවා.
BamunuarachchiMonday, 29 October 2018 09:31 AM
ඔය වගේ 62ක් මෙරටේ සිටිය නිසා තමයි රටට මේ නස්පැත්තිය සිද්ධ උනේ.
anura Sunday, 28 October 2018 10:14 AM
ජනාධිපති පැරදුණොත් එ්කේ අවාසියත් ඔයගොල්ලන්ටම තමයි..!
sampath Sunday, 28 October 2018 10:14 AM
ඇයි රනිල් ගියපාර අගමැති වුනේ 42 ඉද්දි නේද? එතකොට මේ නෝනලා මහත්තයලා ඇස් නැතුව වෙන්න ඇති ඉඳල තියන්නේ...
Sanath KandySunday, 28 October 2018 10:49 AM
ඉතින් මහින්දට තිබුණානේ විශ්වාසභංගයක් ගෙනත් රනිල්ව අයින් කරන්න. අද මහින්ද වටේ ඉන්න සදාකාලික ඇමැතිවරු ඒ දවස්වල රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරු...
SamanSunday, 28 October 2018 05:25 PM
2015 ජනාධිපතිවරණයේ ඡන්දය දෙන අය දැනගෙන හිටියා, මෛත්‍රීපාල දිනුවා නම් රනිල් අගමැති බව. ඒක හැම වෙදිකාවකම කිව්වා...
SalindaMonday, 29 October 2018 05:09 AM
රනිල් අගමැති වෙනකොට එජාපයට හිටියෙ 42ක් උනත් මෛත්‍රීට සහය පලකරන්න කණ්ඩායමක් අනිත් පැත්තෙන් ආවා (අප්පච්චි මලෝ කන්ඩායම). අනිත් එක මෛත්‍රීගෙ පත්වීමෙන් පස්සෙ විධායක ජනධිපතිගේ බලතල අඩුකිරීමක් කලා (19 සංශෝධනය ) ඒකට අනුව ජනාධිපතිට අගමැතිව ඉවත්කරන්න බෑ.
isurandi Sunday, 28 October 2018 10:16 AM
මට නම් ඔය කාගැනවත් පැහැදීමක් නැහැ. නමුත් මේ උන අපබ්‍රංස තවමත් පැටලිලි සහගතයි. මේ වගේ දෙයක් මේ විදිහට වෙන්න පුලුවන්ද?
sirimal Sunday, 28 October 2018 10:26 AM
එක එක්කෙනා සල්ලි මලු කර පින්නාගෙන පනින්න පටන් අරගෙන තියෙන නිසා ඉක්මනින් අත්සන් ටික ගත්තොත් හොඳයි. මහ බැංකුව, ජනපති ඝාතන සැලැස්ම සහ සෞඛ්‍යය වගේ දේවල් වලින් දෙතුන් දෙනෙකුට ආණ්ඩුවේ උළුගෙදර ලගින්න වෙන බවයි පෙනෙන්නේ. ඔයගොල්ලෝ කළා වගේ ඩීල් දම දමා මේ ගොල්ලෝ කාලේ කාදමන එකක් නැහැ. ඇල්ලුවා, නඩු ඇහුවා හිරේ දැම්මා. ඕනෑම උනොත් දවස් තුනක් යයි. පිරිත් කියල බේරෙන්න නම් බැරිවෙයි ඔන්න. කරන දෙයක් ඉක්මනට.
RNG Monday, 29 October 2018 03:22 PM
කතාවට කිව්වත් ඔයාලත් පිළිගන්නවා නේද? වැඩ බැරි ආණ්ඩුවක් තිබුණේ කියන එක...
benat Sunday, 28 October 2018 10:34 AM
ලෝකෙන්ම වාර්තාවක් තිබ්බ විශ්වාස කල නොහැකිම පුද්ගලයා ලෙස ..වල්ඩ් රෙකෝඩ් .... වෙන කිසිම කෙනෙක්ට මේ ලෝකේ මේ වාර්තාව කඩන්න ලේසි වෙන්නේ නැහැ .දින 100 කින් ජනපතිකමත් අහෝසි කරනවා කිවුව . නැවත දේශපාලනය කරන්නෙත් නැහැ කිවුව . පවුල් දේශපාලනය අතුගාල දානවා කිවුව .. මහින්දගේ පරපුරවම මහපාරට දානවා කිවුව . දැන් කිසිම කෙනෙක්ට විශ්වාස කළනොහැකි මේකත් කළා .. තව මොනවා කරයිද දන්නේ නැහැ ...
prabha Sunday, 28 October 2018 10:54 AM
පක්ෂ පාට මොනාවුනත් මෙයා ජනාධිපතිකමට සුදුසු නැත. හරි හෝ වැරදි කෙලින් තීරණ ගන්න පුළුවන් කෙනෙක් රටක ජනාධිපති විය යුතුය........
Shan Sunday, 28 October 2018 01:31 PM
ඉක්මනින්ම කල යුතු කාර්යයක් පක්ෂ පාට නැතුව සිරිසේන ඉක්මනින් ම අයින් කල යුතුයි. නැත්නම් අපේ රටේ ප්‍රජාතන්තවාදය ඉවරටම ඉවරයි.
Charlie Sunday, 28 October 2018 02:09 PM
අනේ අපේ රටට ගිය කලක්.
ගලබොඩ ඇත්තේ චමින්ද Sunday, 28 October 2018 04:53 PM
ජනපතිට රටේ ජනතාව ගැන හැගීමක් තියෙන්න ඕනේ. තමන්ගේ පැවැත්ම, නිලය රැකගැනීම වෙනුවෙන් මේ වගේ පහත් තත්වයකට ශ්‍රීලාංකික නායකයෙක් වැටෙයි කියලා හීනෙකින්වත් හිතන්න බැහැ. එදා තිබුණ බලයත් එක්ක මහින්දට ඡන්ද කල් දදා ඇදගෙන යන්න තිබුණා. නමුත් ඔහු එතනකට රට ගෙනාවේ නැහැ, මොන අඩුපාඩු තිබුනත් එතුමාගේ. ජනපති ගේ පලවෙනි කතාවේ විශේෂයෙන් සඳහන් වුනේ ආඩි හයක් වලපල්ලට යන්න තිබුනා කියලා. මේ අර්බුද අස්සේ ජනපතිට යම් අනතුරක් වුනොත් ඒක යන්නෙත් එජාපය පිට. ජනපති මේ ලස්සන ලංකාවට කරපු පහත් වැඩේ ඔහු සංසාරයේ කවර හෝ කාලයක විදවයි. නිත්‍යානුකුලව කවුරු පත් කරත් කමක් නැහැ. ඒ වගේම බණ කියනවා වගේ බොරු දෙසාබාන එක නම් මිනිසුන්ට කාලා ඉන්න බැහැ.
ගල්කටස් Monday, 29 October 2018 02:20 AM
හරි උනත් වැරැදි උනත් ගත්ත මෙ තීරණය නිසා රට බෙදීම, රණවිරැ දඩයම, බෞද්ධ මෙන්ම අනිකුත් අාගමික නායකයිනට හිංසා කිරීම වැනි ද නැවතුනා. සිංහල අපට ලොකයා ඉදිරියේ කෙලින් හිටගන්න පුලුවන් වුණා.
anura Monday, 29 October 2018 03:22 AM
දෝෂාභියෝගය ජයගතහොත් පසුවට මොකද වෙන්නේ. අගමැති ජනාධිපති නේද? සදාකාලික මිතුරන් සතුරන් නැති දේශපාලනය.
rohana Monday, 29 October 2018 04:24 AM
මෙයා ග්‍රාමසේවක කෙනෙක් අපිට මෙයා ගෙන් මිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ.
BamunuarachchiMonday, 29 October 2018 09:36 AM
ඔව් ඔව් මෙයා රටට කරන්න පුළුවන් ලොකුම උදව්ව කලා. ඒ නිසා අපට රට බේරුණා නැතිනම් 2020 වෙකොට අපිට අපේ රටත් නැතිවෙනවා. මොලේ තිබෙන මිනිස්සු රනිල් කවුද කියලා හඳුනා ගන්න ඇති.
Bamunuarachchi Monday, 29 October 2018 09:39 AM
ඔබ කලින් කලාවගේ දෝෂාභියෝගය ගෙනෙන්න කලින් රජය විසිරුවා හැර ඡන්දයක් තියන්න. ඔබේ කතාව සැමදාම ප්‍රචාරය කොරන්න. දැන් ජනතාවට එජාපෙ එපා වෙලා තිබෙන්නේ.
Ramendra Monday, 29 October 2018 11:08 AM
මෙයාගේ මල්ලි සභාපති අද ටෙලිකොම් එකට ගිහින් වැඩ කරන්න පුලුවන්ද?