
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂ වල නිෂ්පාදිත වාහන මීට ඇතුළත්ය.
මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.
මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකි බව ජනාධිපති කාර්යාලය කියයි.
එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.
රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාන්සර් කියන්නෙත් එක්තරා කාලෙකදී සැප වාහනයක් තමයි හැබැයි අද නෙවෙයි. අන්න ඒ වගේ තමයි මේ වාහනත්... මේවා පාරේ දුවන්න බැරි තරම් ගරාවැටුණු වාහන. එතැන තිබුණු හොඳ තත්වයේ වාහන සියල්ල මේ වනවිට ඔය මැති ඇමති ගොල්ලොයි නිලධාරියි බෙදාගෙන ඉවරයි. පස්ස තියන්න ඔච්චර ලොකු වාහන ඕනෑද කියපු ජනපති, අගමැති දැන් යන එන විදිහ කාට කාටත් පෙනෙනවානේ... වියට්නාම් ඉඳලා ප්‍රයිවට් ජෙට් එකක මහින්දවත් ආවේ නැහැ... හැබැයි අනුර ආවා. කාටද මේ බොරු කරන්නේ? ඔය ගැලරි චූන්කරන වැඩවලට මිනිස්සු රැවටුණු කාලේ ඉවරයි මිත්‍රයා...
නොදන්නා මගුල් නොකියා හිටියා නම් මෝඩකම පේන්නේ නැත...
ඔය ඔක්කොම වාහන ඒවායේ ප්‍රයෝජනවත් කාලය පැනපු අවුරුදු 20ක් විතර පරණ වාහන, නන්දලාල් මහත්තයා මේවා ඇසට් කිව්වාට ඇත්තටම මේවා ගන්න උන් නට්ටන් වෙන වාහන. ඔය ආණ්ඩුවේ භාවිතා කරපු වාහන කවදාවත් වෙලාවට නඩත්තු කරපුවාත් නෙවෙයි, ඉතින් දැන් පවතින මිලට මේවා ගන්න නම් මොලේ අමාරුවක් තියෙන්න ඕනෑ. මොකද ඔය වාහන ආපහු අලුත්වැඩියා කරලා සුඛෝපභෝගි බද්ද ආදිය ගෙවලා ඉවර වෙනකොට වෙනත් හොඳ වාහනයක් ගන්න වියදම වියදන් කරලා ඉවරයි.