(අංජුල මහික වීරරත්න)
සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද දැනුම් දුන්නේය.
මහජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම ප්‍රමුඛ වගකීම හෙයින් කිසිදු පුද්ගලයකු අපහසුතාවයට පත් නොකොට කාර්යක්ෂම සේවාවක් සපයමින් ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළක් සියලු අමාත්‍යාංශ වල හා රාජ්‍ය ආයතන වල ඇති කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ය.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමේදී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුරකථන අංක කිහිපයක් සහ විද්‍යුත් ලිපිනයක් හඳුන්වාදීම ද සිදු කෙරිණි.
සිසිර හේනාධීර(ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ,නීති)
ජංගම දුරකථන:- 0718132590
කාර්යාල දුරකථන:-0112354329 / 0112354354
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන (ජනාධිපති අතිරේක ලේකම්)
ජංගම දුරකථන:- 0719994133 / 0711992354
කාර්යාල දුරකථන:- 0112354329 / 0112354354
විද්‍යුත් ලිපිනය:- [email protected] වශයෙනි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජනතාවට තොරතුරු ගන්න ජනපති කාර්යාලයෙන් දුරකථන අංක දෙයි
Bamunuarachchi Saturday, 03 September 2022 07:27 AM
මෙන්න කියලා පිළිතුරු ලැබෙයි බලාගෙන ඉන්න. පිළිතුරු තියා ටෙලිපෝනය උස්සන්නේත් නැහැ.