(යොහාන් භාසුර)
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පැවසීය.
ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ක්‍රම කීපයක් ඇති බවත් ඉන් වඩාත් සුදුසුම ක්‍රමවේදය යොදා ගන්නා බවත් අමාත්‍යවරයා කීය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යෝජනාව පාර්ලිමේන්තුව රැස්වන මීළඟ පළමු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනක රත්නායක මහතාට එම ධුරයේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව කී අමාත්‍යවරයා ඔහුට රාජ්‍ය ආයතනයක කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට පාර්ලිමේන්තු කාරක සභාවකින් ද දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.
ජනක රත්නායක මහතා කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවකදී මහතාට ඒ සඳහා සුදුසුකම් නොමැති බවට මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කොහොම වුණත් වැඩේ හොඳයි... ඒ මිනිහා කරදර කාරයෙක් විතරයි.
ඔබතුමා ජනකව පන්නන්න... අපි ඔයාලව පන්නන්නයි ඉන්නේ...
තමුන්ලා දෙන්නම රඟන්නේ නාට්‍යයක්. ඒකෙන් අන්දවන්නේ රට්ටුන්ව. දැන් ද තමුන්ට මෙයාගේ සුදුසුකම් හොයන්න මතක් වුනේ. කොහොම හරි ලයිට් කපන වැඩේ එකතුවෙලා කරන් යනවලා. බිලත් ඒ විදියට නග්ග ගන්නලා...
එහෙම නොකර කොහොමද කොමිසමේ ඉන්න එක් අයෙක් කෙළ පෙරමින් පොහොට්ටුව දිනවන්න වගේම යහපාලනය නැතිකරන්න කොපමණ වලිකෑවාද කියලා සමහර නාලිකාවල ප්‍රවෘත්ති ඉදිරිපත් කළ අවස්ථාවල දැකලා හොඳට පුරුදුයි... ඇමැතිතුමා කොහොමින් කොහොම හරි වැඩි සුදුස්සාට මුල්තැන දෙන්න එපායෑ නේද? එයා සභාපති ජනක උන්නැහේ විවේචනය කළ ලිපියක් සති අන්ත පුවත් පතකත් තිබුණා නොවැ...
මහජනතාවට දැනට අවශ්‍ය වන්නේ කංචන විජේසේකර ඇමැතිකමින් පන්නන්න. මහජනතාව වෙනුවෙන් කතාකරන රජයේ නිලධාරීන්ව කිසිසේත් පාලකයින්ට කැමතිම නැහැ.
හොර පොහොට්ටුවෝ පන්නන්න රටම සූදානම්..!
මේ වගේ කෙනෙක් කොහොමද ඇමැති කෙනෙක් වුණේ? මෙයාගේ තාත්තගේ සෙල්ලම් අපිට හොඳට මතකයි. අනිත් එක උසස්පෙළ කාලේ ළමයින්ට පාඩම් කරන්න විදුලිය දෙන්න ඕනෑ කියන කෙනාව පන්නන්න හදන කාලකණ්ණි දේශපාලුවන් රටට ඕනෑ නැහැ.
හරි හරි.... ඕනෑ කෙනෙක් පන්නන්නකෝ... දෙන්නේ මේ පාර ඇප නැතුව දුවන්න...
ඔය දෙන්නම කරන්නේ බොරු රඟපෑමක් කියන්න අපි දන්නවා...
ජනතාව වෙනුවෙන් කතාකරන නිලධාරීන් පන්නලා බඩුමිල, බිල් ඔක්කොම වැඩිකරලා හොරුන් ටික එකතු වෙලා, තවත් තියෙන දෙයක් හොරකම් කරලා රට විනාශ කරන්න..
මෙලෝ රහක් නැති අය වහාම ඉල්ලා අස්වෙන්න ඕනෑ...
ජනකගේ සුදුසුකම් බලන්නට කලින් මෙයාගේ සුදුසුකම් කොහොමද කියලා බලන්න ඕනේ. මෙයාට විදුලිය පිළිබඳව හෝ ඉන්ධන පිළිබඳව හෝ දැනුමක් තියනවාද? මේ ජනාධිපතිත් හිටපු ගෝඨාභයත් සුදුස්සන්ට සුදුසුතැන දුන්නේ නැහැ. සෞඛ්‍ය සහ කෝවිඩ් මර්ධනයට පත් කළේ සෞඛ්‍ය පිළිබඳව කිසිම අවබෝධයක් නැති අයට. ඒකේ ප්‍රතිඵල තමයි පවිත්‍රා කෝවිඩ් මර්දනය කරන්නට ගඟේ මුට්ටි හලපු එක. වෛද්‍ය රමේෂ් පතිරණට වැවිලි කර්මාන්ත සහ වෛද්‍ය සුදර්ෂනීට බන්ධනාගාර ඇමැතිකම. මේ ඇමතිලාත්... නිකම් හම්බවුණොත් දෙමළ පත්තරයත් කමක් නැහැ වගේ, තමන්ට අදාළ නැතිවුණත් කමක් නැහැ බාරගත්තා...
මේ කාංචන අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නේ මහ ඡන්දයක් එනතෙක් කෘතගුණ සලකන්න ඔහෙලට.. මහ ඡන්දෙන් පස්සේ ඉතා දීර්ඝ නිවාඩුවක් ජනතාව ඔහෙලාට දෙනවාමයි...
මොනවා කළත්, ඔයාටත් වෙන්නේ මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න... අපි ඉන්නෙත් ඔයාලව පන්නන්න තමයි ඇමැතිතුමෝ...!
මේ වෙලාවේ ජනක ඉන්නේ ජනතාව සමග, හොරුන්ට ජනකලා හරියන්නේ නැහැ.
තාත්තා කරපු වැඩවලට දැන් සැපට විඳවනවා. මේ දරුවන්ට කරන දුෂ්ඨකම් වලට මෙයාටත් ඉක්මණටම ඵලදෙනවා. පිටිපස්සෙන් බෙල්ලට එකපාරයි ගහන්න තියෙන්නේ..
ඔක්කොම පැන්නිලි තව ටික දොහයි අම්මා. ගැට හත ගහල තියෙන්නෙ දැනටම නූලෙ ඔයාලව පන්නන
සුදුසුකම් නැති අයෙක් පත්කළේ විදුලි බල මණ්ඩලය විසින්ද? නොඑසේ නම් ජනතාව විසින්ද? මුලින්ම පත්වීමට වගකිව යුතු අය රටට හෙළි කරන්න. රජයේ ආයතන වලට මිනී මරලා හිරේ ගිය අය පවා පත්කළ බව රටම දනී.. කොම්සමේ ඉන්න එහෙයියාද සුදුස්සා..?
ඇමැතිකම් දාලා යන්න ලෑස්තිවෙන්න.
ජනකගේ සුදුසුකම් බලන්න කලින් ඔය ඇමතිගේ සුදුසුකම් මොනවාද කියලා හොයන්න.එක සුදුසුකමක් අපි දන්නවා ඒකාලේ " තාත්තා එක්ක එකතුවෙලා මිනි මරපු එක. තිස්සමහාරාමේ සමුපකාරය මංකොල්ලකන්න සහයදීම. ගුරුපත්වීම් දෙනවා කියලා ස්ත්‍රී දුෂණය. ( නම් ගම් සමග ඕනැද ? )
මේ ඇමතියා මොලේ අමාරුකාරයෙක්. චන්දෙදි බලාගමුකෝ.
තව ටිකක් චන්දෙ කිට්ටු කරල පන්නන්න. නැත්නං ඕව මිනිස්සුන්ට අමතක වෙනව
ජනක නෙමෙයි පන්නන්න ඕනෑ නුඹයි බෝඩ් එකේ ඉන්න හොරු ටිකයි.හිටපන් ජන බල වේගය බලයට එනකන්.එතරම් නට පල්ලා.
පුස්සන්,නිස්සන්,පිස්සන්,නුසුදුස්සන් තනතුරු වලට පත්කරල යවල ජහමනයා ඇතිවෙන්න දුක වළදනවා. අයියෝ සාමි!!!
මේ අය හොරකම් තමයි කරන්නේ... නාමල්ට තැනක් නැතිවෙයි කියලා තමයි කංචන ලෙඩ දාන්නේ. ලංකාව ඉන්න ගැලරියට ඕවා තේරෙන්න තරම් මොලයක් නැහැ. අන්තිමේ රාජපක්ෂ නූල් සූත්තරවලට නැටවෙනවා...
හරි ඇමතිවරයෙක් නම් මේ වෙලාවේ කරන්න ඕනේ කාටවත් බැන බැන ඉන්න එක නෙවෙයි. රටේ අනාගත පරම්පරාවක ඉරණමට අදාල උසස්පෙල විභාගය වෙනුවෙන් විදුලිය අඛණ්ඩව දෙන එකයි.
සුදුසුකම් උඹටත් නෑනෙ
ජනක උපාධියක් තියෙන ව්‍යාපාරිකයෙක්. මේ කාළකන්නි ඇමැතියාගේ සුදුසුකම් මොනවද?
මම දැකපු දේ මන්ත්‍රී හිතාගෙන ඉන්නව ඒයාට අව්‍යශ්‍යදේ එයාට කරන්ඩ පුළුවන් කියල. කාන්චන කියන්නෙ දඩබ්බර චරිතයක්
මේ සමහර දේශකාපාලුවන් ළමයි ඉගෙන ගන්නවාටත් අකමැතියි. ඔවුන්ට අපොස උසස් පෙළ සමත්වෙලා මෙරට සරසවියකට යන්න බැරිවෙච්ච එකේ වාඩුව ගන්න හදන්නේ මේ අහිංසක ළමයිව විභාගෙදි නනත්තාර කරවලා. මේ දෙෂකාපාලුවෝ තමන්ගේ මහවුන් විවිධ අයතා ක්‍රම වලින් හම්බ කල සල්ලි වලින් ඔය පිට රටවල සල්ලි වලට දෙන උපාධි ගහලා ඇවිත් හරි උගත් බුද්ධිමතුන් විදියට රඟපාන්න හදනවා. වචනේ දෙක කතා කරන කොට තේරෙනවා මේ උන්දලාගේ රට උපාධියේ තරම.
අපි උඹලා ඔක්කොම පන්නන දිනය වැඩි ඈතක නැහැ .