IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාතිවාදය ආගම් වාදය හදන මාධ්‍ය නිදහසට ඉඩ දෙන්නේ නෑ

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

උතුරේ සැමරුම් උත්සව 244 ක්  පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.

අපට ලැබුණේ ජාතික සමගිය වෙනුවෙන් වන ජනවරමක්.උතුරේ දකුණේ ලාංකිකයන් ජාති භේද ආගම් භේද පසෙක තබා ඒ ජන වරම ලබා දුන්නා. 

පසුගිය දිනවල මහා විරූ සැමරුම් පිළිබඳ කතාබහ සමාජයේ නිර්මාණය වුණා.මියගිය ඥාතීන් සිහිපත් කිරීමට අයිතියක් තිබෙන බවට අප පිළිගන්නවා. එහෙත් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයට අයත් කොඩි ප්‍රදර්ශනය කරමින් සැමරුම් කරන්නට ඉඩක් නැති බවට මා කළ ප්‍රකාශයක් විකෘති කරමින් සාවද්‍ය අර්ථයක් එන ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා.

ඒ ගැන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.ඊට විමර්ශන කෙරෙනවා.

උතුරේ සැමරුම් උත්සව 244 ක්  පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසනවා.ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

උතුරෙහි පැවැත්වෙන සැමරුම් උත්සව පාදක කරගෙන සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන විකෘති ප්‍රතිචාරයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. උතුරේ පැවැත්වූයේ යැයි ඒත්තු ගැන්වෙන අයුරින් පසුගිය වසර වල පැවැත් වූ එල්ටීටීඊ සැමරුම් වල ඡායාරූප උපයෝගී කර ගනිමින් පළ කර තිබුණා.

එම ඡායාරූප අන්තර්ජාලයෙන් බා ගත කර තිබෙනවා.සමහර ඒවා විදේශ විදේශවල පැවැත්වූ උත්සව.දකුණේ සමාජ මාධ්‍ය මෙහෙයවන සංවිධානාත්මක පිරිසක් ජාතීන් අතර අසමඟිය නිර්මාණය වෙන අයුරින් මේ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර තිබෙනවා.

 



අදහස් (10)

ජාතිවාදය ආගම් වාදය හදන මාධ්‍ය නිදහසට ඉඩ දෙන්නේ නෑ

බකල ජයා Wednesday, 04 December 2024 10:29 AM

ලංකාවේ නීති ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයන් හා මන්දගාමී බව නිසා නීතියට ගරු නොකරන පිරිස්වලට කැමති විදියට හැසිරෙන්න ලයිසන් ලැබිල තියෙනව.

:       3       75

SaraWednesday, 04 December 2024 11:13 AM

සහතික ඇත්ත ඒකට වැඩියෙන්ම වගකියන්න ඕනේ j v p එක.

:       24       13

හසක Wednesday, 04 December 2024 11:55 AM

රටේ ඉතිහාසය ගැන නියම අවබෝධයක් සුළුවෙන් හරි තියෙනවා නම් Sara ඔහොම කියන එකක් නැහැ කියලා හිතෙනවා...

:       4       14

අරවින්ද මොනරවිල Wednesday, 04 December 2024 10:54 AM

අනිවාර්යයෙන්ම, ජාතිවාදය හා ආගම්වාදයට ඉඩ දිය යුතු නැහැ, මාධ්‍ය නිදහසට මුවා වෙලා කරන මෙවැනි පහත් ක්‍රියා නැවැත්විය යුතුයි. ඒ සඳහා තිබෙන නීති ප්‍රමාණවත් නොවේ නම් අලුත් නීති පැනවිය යුතුයි. ඒ සදහා තමයි ආණ්ඩුට තුනෙන් දෙකට වැඩි බලයක් දුන්නේ.

:       5       25

සෙනෙවිරත්න Wednesday, 04 December 2024 12:34 PM

ලංකාවේ මිනිස්සුන්ට දැන් ජාතිවාදී වෙන්න වෙලාවක් නෑ. අවශ්‍යතාවයකුත් නෑ. උතුරේ කොටි සැමරුවා කියලා දකුණේ මිනිස්සු කලබල වුණේ නෑ. විපක්ෂයේ ඒක මතුකරලා ප්‍රයෝජන ගන්න හැදුවේ. ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ඇයි ආණ්ඩුව ඒක ගැන මෙච්චර වදවෙන්නේ..?රාජපක්ෂ ආණ්ඩු ජාතිවාදය අවුස්සලා දේශපාලනය කළා. මාලිමාව ජාතිවාදී නෑ කිය කියා දවස ගතකරනවා. මේ ආණ්ඩුව ජාතිවාදී නෑ කියලා හැමෝම දන්නවා. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකේ. මැති ඇමැති වරප්‍රසාද කපලා රට හදන්න බෑ. ඇයි මාලිමාව රාජ්‍ය ව්‍යවසාය ඇතුළේ තියෙන පිළිකාව ගැන කතාකරන්නේ නැත්තේ? ලංකාවේ ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මෙතැන. ලෝකෙ කිසිම රටක් මේවගේ පාඩු ලබන රාජ්‍ය ආයතන තොගයක් නඩත්තු කරන්නේ නෑ. සංස්ථා, මණ්ඩල, අධිකාරී මුදානොගත් කලාප වගේ. ඒවා ආණ්ඩුවේ පාලනය යටතේ නෑ. වෘත්තීය සමිති පාලනය කරන්නේ. මෙන්න මේවා ගැන කතා කරන්න.

:       3       11

කමනිWednesday, 04 December 2024 04:57 PM

ඔබ හරියටම හරි.

:       2       2

fairoos Wednesday, 04 December 2024 12:35 PM

ජාතිවාදය අවුස්සලා ආණ්ඩු කරපු අයට වෙච්චි දේ මතකයිනේ...

:       4       6

TGL Wednesday, 04 December 2024 02:59 PM

යම් සංකේත කියන්නේ මොනවද?

:       0       2

ඩිලේප පෙරේරා Wednesday, 04 December 2024 06:03 PM

බෞද්ධයින්ට විතරයි නේද…? ඔයාගේ ඩීල්එක එක බෞද්ධ දේවල් ලංකාවෙන් තුරන් කරන එක නේද..? LTTE ඩයස්පෝරා ඔවුන් එක්ක ඩීල් එක ඕක නේද…?

:       0       0

[email protected] Thursday, 05 December 2024 10:31 AM

මේ ආන්ඩුව ජාතිවාදය ජාතිවාදය කිය කිය මවා පෑමක් කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site