IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ විවෘත කරයි

(යොහාන් භාසුර)

‘ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ විවෘත කළේය.

‘කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය‘ මේ මස 6 වැනිදා  දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව තිබේ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගි විය.

කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්‍ෂණයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන ‘ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2022‘ සඳහා මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක් නියෝජනය කරමින් ඉදිරිපෙළ කර්මාන්තකරුවන් ප්‍රදර්ශන කුටි 400 ක් ඉදිරිපත් කර ඇත.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ මූලික අරමුණ දේශීය කර්මාන්තකරුවන්ට දෙස්, විදෙස් ආයෝජන අවස්ථා මෙන්ම නව වෙළෙඳපළ අවකාශයන් නිර්මාණය කිරීම වන අතර ඊට අමතරව කර්මාන්තකරුවන්ට නව වෙළෙඳපළ අභියෝගයන්, තාක්ෂණික සහ ප්‍රාග්ධන අභියෝගයන් ජය ගතහැකි පරිසරයක් නිර්මාණය කිරීම ද අපේක්‍ෂා කරයි.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිසට දේශීය කර්මාන්තයන්හි ස්වභාවය හඳුන්වාදීමත් ඔවුන් තුළ දේශීය කර්මාන්ත ඇරැඹීමට උනන්දුවක්, පරිචයක් පවතී නම් ඒ වෙනුවෙන් වන මගපෙන්වීම, තාක්ෂණික දැනුම ලබාදීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරදීම පමණක් නොව ප්‍රාග්ධනය සපයාගත හැකි ආයතන සම්බන්ධකර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ  සැපයීම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ තවත් අරමුණක් බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් විශ්වවිද්‍යාල, වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මගින් කර්මාන්ත ක්ෂේත්‍රය මුල් කරගෙන ක්‍රියාත්මක කරන නව නිපැයුම් සහ විවිධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම එම නිපැයුම් ප්‍රායෝගික නිෂ්පාදන යාන්ත්‍රණයකට සම්බන්ධ කරදීමට අවශ්‍ය පහසුකම් සපයාදීම ද ඉටුකරයි.

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට සමගාමීව මෙරට වාහන සහ යතුරුපැදි නිෂ්පාදන සහ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින දේශීය කර්මාන්තකරුවෝ මෙරටදී නිෂ්පාදනය කළ සහ එකලස් කළ වාහන කොළඹ බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා පෙළපාලියක් පැමිණ ප්‍රදර්ශනය කළහ.

කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් මෙම අවස්ථාවේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විවෘත කළේය.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ඇතුළු විහාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

‘ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site